32 C
Colombo
සෙනසුරාදා, මැයි 4, 2024

‘මැණිකේ මගේ හිතේ’ හින්දි ගීතයේ යූටියුබ් නැරඹුම් කෝටි 5 පනී

Must read

යොහානි ඩි සිල්වා ‘තෑන්ක් ගෝඩ්‘ හින්දි චිත්‍රපටයට ගැයූ ‘මැණිකේ මගේ හිතේ‘ හින්දි ගීතය යූටියුබ් නැරඹුම් කෝටි 5 ඉක්මවා ගොස් තිබේ.

ටී. සීරිස් සමාගම නිෂ්පාදනය කළ තෑන්ක් ගෝඩ් චිත්‍රපටයේ මේ ගීතය සැප්තැම්බර් 16 දා යූටියුබ් වෙත මුදාහැරිණි.

මේ ගීතයේ යුටියුබ් නැරඹුම් මිලියන 54 ඉක්මවා ගොස් ඇති අතර, තවමත් ලෝකය පුරා විශාල පිරිසකගේ ජන ප්‍රසාදයට ලක් වෙමින් පවතී.

මේ චිත්‍රපටයේ සුපිරි නළු අජේ දේව්ගන්, සිද්ධාර්ත් මල්හෝත්‍රා සහ නෝරා ෆටේහි රංගනයෙන් දායක වී තිබේ.

යොහානිගේ ගීතය රැගත් ‘තෑන්ක් ගෝඩ්‘ චිත්‍රපටය ඔක්තෝබර් 24 දා ලොව පුරා ප්‍රදර්ශනය ඇරඹේ.

More articles

Latest article