26 C
Colombo
සිකුරාදා, මැයි 17, 2024

අවුරුද්දට පෙර තෙල්-ගෑස්-විදුලි අර්බුද විසඳන්න මන්ත්‍රී සංචිතයක් – අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ

Must read

අලුත් අවුරුද්දට පෙර තෙල්, ගෑස්, විදුලි අර්බුද විසඳීම සඳහා ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා සහ මුදල් අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු නියෝජිතයන් පනස් දෙනකුගෙන් යුත් සංචිතයක් පත් කර ඇතැයි කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ ඊයේ (24) පැවති මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

සිංහල අලුත් අවුරුද්දට පෙර තෙල්, ගෑස් පෝලිම සහ විදුලි කප්පාදුව නැවැත්වීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇත.

ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයා සහ මුදල් ඇමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් ඇමැතිවරුන් රාජ්‍ය ඇමැතිවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත පනස් දෙනකුගෙන් යුත් සංචිතයක් ඒ වෙනුවෙන් නම් කර තිබේ.

රට පුරා සියලු ප්‍රදේශ ආවරණය වන පරිදි මේ සංචිතය නම් කර තිබෙන අතර, සියලු ගෑස් සහ තෙල් සංචිත පිළිබඳ අධීක්ෂණය කර ජනතාවට අවශ්‍ය පරිදි ඒවා නිකුත් කිරීමත් විදුලි කප්පාදුව පිළිබඳ අධීක්ෂණය කර ඊට අදාළ විසඳුම් දීමත් මෙමඟින් කෙරේ.

ගෑස් සහ තෙල් දීමේදී එහි ඇති වී තිබෙන අර්බුදකාරි තත්ත්වයන් සහ විවිධ මාෆියාවන් ඉවත් කර දිස්ත්‍රික්ක මට්ටමින් ජනතාවට අවශ්‍ය ගෑස් සහ තෙල් දීමට පියවර ගැනේ.

ඒ තුළින් ඉදිරි සිංහල අලුත් අවුරුද්දට පෙර ගෑස් සහ තෙල් පෝලිම් අවසන් කර ජනතාවට සහනයක් උදා කර දීමට පියවර ගන්නා බව ද ඇමැතිවරයා මෙහිදී වැඩි දුරටත් සඳහන් කළේය.

More articles

Latest article