30.2 C
Colombo
බ්‍රහස්පතින්දා, මැයි 2, 2024

ලෝක ප්‍රකට මොනාලිසා සිතුවමට ප්‍රහාරයක්

Must read

ප්‍රංශයේ ලූවර් කෞතුකාගාරයේ ඇති ලෝක ප්‍රකට ලියනාඩෝ ඩා වින්චිගේ සුප්‍රසිද්ධ මොනාලිසා සිතුවමට පුද්ගලයෙකු ප්‍රහාරයක් එල්ල කර තිබේ.

කෙසේවෙතත් එහි ඇති ආරක්ෂිත වීදුරුව හේතුවෙන් සිතුවම හානි සිදුව නොමැති බව වාර්තා වේ.

වයෝවෘද්ධ කාන්තාවක ලෙස සැරසුණු පිරිමි පුද්ගලයෙකු මෙම පහරදීම සිදුකර ඇති අතර එය කේක්වලින් දමාගැසීමක් බවද විදෙස් වාර්තා සඳහන් කරයි.

ඔහු 36 හැවිරිදි පරිසර ක්‍රියාධරයෙකු බව හඳුනාගෙන ඇත.

ප්‍රහාරයෙන් ඉතා කෙටි කාලයක් තුළ සැකකරුව ආරක්ෂක අංශ විසින් අල්ලාගෙන ඇති බව සඳහන් වේ.

More articles

Latest article