30.2 C
Colombo
බ්‍රහස්පතින්දා, මැයි 2, 2024

නැදුන්ගමුවේ රාජාගේ සංරක්ෂණ කටයුතු අරඹයි

Must read

නැදුන්ගමුවේ රාජා හස්තියාගේ සංරක්ෂණ කටයුතු කඩිනමින් සිදු කරන ලෙස ජනාධිපතිවරයා හා අගමැතිවරයා තමාට උපදෙස් දී ඇති බව බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

රාජා හස්තියාගේ සංරක්ෂණ කටයුතු ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව මඟින් සිදු කරන බවද සඳහන් කළ ලේකම්වරයා මේ සඳහා යම් කාලසීමාවක් ගත වනු ඇති බවද පැවසීය. මේ වන විට ද හස්තියාගේ සංරක්ෂණ කටයුතු ආරම්භ කර ඇති බව වැඩිදුරටත් ප්‍රකාශ කළ ලේකම්වරයා ඒ පිළිබඳව කිසිදු ගැටලුවක් නැති බව ද සඳහන් කළේය. නැදුන්ගමුවේ රාජා හස්තියා සංරක්ෂණය කිරීමෙන් පසුව බොහෝ දුරට මහනුවර දළදා මාලිගා පරිශ්‍රයේ තැන්පත් කරනු ඇති බවද මහාචාර්ය කපිල ගුණවර්ධන මහතා පැවසීය.

ශ්‍රී දළදා මාලිගාවේ සධාතුක කරඬුව වැඩමවූ, දෙස් විදෙස් ජනතාවගේ ගෞරවයට පාත්‍ර වූ නැදුන්ගමුවේ රාජා හස්තියා පෙරේදා (07) දින මියගියේය.

More articles

Latest article