26.4 C
Colombo
ඉරිදා, මැයි 19, 2024

ශ්‍රී ලංකා – නෙදර්ලන්ත ගුවන්සේවා ගිවිසුමක්

Must read

ශ්‍රී ලංකාව හා නෙදර්ලන්ත රාජධානිය අතර රාජත්‍රාන්තික සබඳතා 1951 වසරේදී ආරම්භ කර ඇති අතර, ගුවන් සේවා ගිවිසුමක් ඇති කර ගැනීම මඟින් දෙරට අතර සෘජු මගී හා භාණ්ඩ ගුවන් ගමන් ආරම්භ කිරීමට පහසුකම් සැලසෙනු ඇත.

එමඟින්, දෙරට අතර සංචාරක, අධ්‍යාපන, වෙළඳ, ආයෝජන, කෘෂිකාර්මික සහ සංස්කෘතික සබඳතා තවදුරටත් වර්ධනය වනු ඇත.

ඒ අනුව, දෙරට අතර පැවති සාකච්ඡාවල දී එකඟ වී ඇති කරුණු මත පදනම්ව ද්වීපාර්ශ්වික ගුවන්සේවා ගිවිසුමට අත්සන් තැබීම පිණිස වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

කෙසේවෙතත් මීට පෙර අවස්ථා කිහිපයකදීම ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර ද්විපාර්ශවික ගුවන්සේවා ගිවිසුමක් අත්සන් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබුණ ද එකී ගිවිසුම සාක්ෂාත් කරගනු ලැබූ බවත් වාර්තා නොවිණි.

2018 වර්ෂයේදී කෙන්යාවේ නයිරෝබිහිදී පැවති ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සම්මුති සාකච්ඡා සමුළුවේදී ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර ගුවන් සේවා කටයුතුවලට අදාළ ක්‍රියාමාර්ග පිළිබඳව එකඟතාවයකට එළඹී ඇති අතර, දෙරට අතර ගුවන් සේවා ගිවිසුම සඳහා කෙටිසන් තබා තිබුණි.

එමඟින් දක්වා ඇති ගුවන් මාර්ගයේ ශ්‍රී ලංකාව වෙත හා ශ්‍රී ලංකාවේ සිට ගමන් කිරීමට නෙදර්ලන්තයේ KLM Royal Dutch ගුවන් සේවය හා ශ්‍රී ලංකන් ගුවන් සේවය නම් කර ඇත. ඒ අනුව, ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්ත රාජධානිය අතර මූලික සාකච්ඡාවලදී නිලධාරී මට්ටමින් එකඟ වී ඇති ගුවන් සේවා ගිවිසුමට එළඹීම පිණිසත් එකී ගිවිසුම ඵලදායි ලෙස ක්‍රියාත්මක කිරීමට සුදුසු පියවර ගැනීමටත් පිණිසත් 2019 යහපාලන රජය සමයේ දී කැබිනට් අනුමැතිය ලබා දෙන ලදී. එහෙත් ගිවිසුමත් අත්සන් කළ බවක් වාර්තා නොවීය.

ඉන්පසු මෙම වසරේ මාර්තු මාසයේ දී ශ්‍රී ලංකාව හා නෙදර්ලන්තය අතර සංචාරක, අධ්‍යාපන, වෙළද, ආයෝජන, කෘෂිකාර්මික හා සංස්කෘතික සබදතා තවදුරටත් වර්ධනය කිරීමේ අරමුණින් ද්විපාර්ශවික ගුවන් සේවා ගිවිසුමකට අත්සන් තැබීමට කටයුතු කරන බව එවකට සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා කියා සිටියේය.

මෙම ගුවන් සේවා ගිවිසුම අත්සන් කිරිම සදහා කැබිනට් අනුමැතිය ලබා ගැනීම සදහා වන යෝජනාව කැබිනට් මණ්ඩලයට ද ඉදිරිපත් කළ බවත් එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍ය යේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව ආර්ථික සංවර්ධනය ඉලක්ක කර ගනිමින් මෙම ගිවිසුමට අත්සන් කිරිමට සැලසුම් කර ඇති බවත් එම අවස්ථාවේ දී ප්‍රසන්න රණතුංග ඇමතිවරයා සඳහන් කර සිටියේය.

වර්ෂ 1944 දි අත්සන් කරනු ලද චිකාගෝ සම්මුතියට අනුව රාජ්‍යයක් දෙකක් හෝ කිපයක් අතර ජාත්‍යන්තර වාණිජ ගුවන් ගමන් සේවා පවත්වාගෙන යාම සදහා ගුවන්සවො ගිවිසුම්වලට එළඹීම අනිවාර්යය වේ. මේ වන විට ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා සංවිධානයේ ලියාපදිංචි රාජ්‍යයන් ගණන 193 කි. එම රාජ්‍යයන් සමග ගිවිසුම්වලට එළඹීමෙන් අවශ්‍ය අවස්ථාවල ගුවන් සේවා කටයුතු වල නියැලීමට අවකාශ හිමිවනු ඇත.

More articles

Latest article