33 C
Colombo
සිකුරාදා, අප්‍රේල් 26, 2024

මන්ත්‍රී නලින් බණ්ඩාර සහ බිරිඳට කොරෝනා

Must read

සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතාට සහ ඔහුගේ බිරිඳට කොවිඩ් වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇත.

පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට කොවිඩ් වයිරසය ආසාදනය වු දොළොස් වැනි මන්ත්‍රීවරයා ඔහුය .

ඔහු කොරෝනා ආසාදනය වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සමීපතම ආශ්‍රිතයෙකු ලෙස මෙයට පෙර හඳුනා ගෙන තිබිණ.

මේ සම්බන්ධයෙන් අප මන්ත්‍රී නලින් බණ්ඩාර මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ තමාට හා බිරිඳට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බවයි.

දෙදෙනා රෝහල්ගත වී ප්‍රතිකාර ලබා ගැනීමට බලාපොරොත්තු වන බවද ඔහු ප්‍රකාශ කළේය.

තමාට තදබල ඔලුවෙ කැක්කුමක් හටගැනීමෙන් පසුව තමාත් බිරිඳත් කොරෝනා පරීක්ෂණයකට යොමුවූ අවස්ථාවේ දී වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු වූ බව නලින් බණ්ඩාර මහතා වැඩිදුරටත් කීය .

මේ අතර නලින් බණ්ඩාර මහතාට පාර්ලිමේන්තුවේ දී ආශ්‍රිත වූ මන්ත්‍රීවරුන් සොයා ගැනීමට අද (25) විමර්ශන ආරම්භ කරන බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසා තිබේ.

More articles

Latest article