33 C
Colombo
සෙනසුරාදා, මැයි 4, 2024

ලෙඩේට නැතුව වෙන ලෙඩ වලට බෙහෙත් දීලත් වැඩක් නෑ – නාමල් රාජපක්ෂ

Must read

විරෝධතාවලට කලබල නොවී ඒ අය කියන්නේ කුමක්දැයි සොයාගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ අවශ්‍ය ලෙඩේට බෙහෙත් ලබාදියයුතු බවය.

ජනාධිපතිවරයාට ගෙදර යන්න කියනවා, එතකොට අගමැතිවරයාත් ගෙදර යන්න ඕනද ?

“ඔය මත අද ආපු ඒවා නෙවෙයිනේ. එදා කිව්වේ ජේ ආර් ව මරමු කියලා. බෝඩ් ගැහුවේ. ඒවාට කලබල වෙන්නේ නැතුව මම හිතන්නේ ඒ අය කියන්නේ ඇයි කියන එක හොයනවා මිසක්, ඔළුවේ අමාරුවක් තියෙනවා නම් ඇඟේ අමාරුවට බෙහෙත් දීලා වැඩක් නෑ.”

“ජනාධිපතිතුමා වෙන්න පුළුවන්, අගමැතිතුමා වෙන්න පුළුවන්, විපක්ෂ නායකතුමා වෙන්න පුළුවන්, සෘජු තීන්දු ගන්න ඕන. සෘජු තීන්දු අරගෙන රටේ ජනතාවගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙන්න ඕන. ඒ ප්‍රශ්න වහගෙන වැඩක් නෑ. සහ ලෙඩේට නැතුව වෙන ලෙඩවලට බෙහෙත් දීලත් වැඩක් නෑ.”

More articles

Latest article