30.2 C
Colombo
බ්‍රහස්පතින්දා, මැයි 2, 2024

සා/පෙළ විභාගය මැයි 23 දා සිට ජූනි 1 දා තෙක්

Must read

කොවිඩ් වසංගතය හේතුවෙන් කල් දමා තිබූ 2021 වසරට අදාළ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය මැයි මස 23 දා (සඳුදා) සිට ජූනි 1 දා තෙක් පවත්වන බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන මහතා පැවසීය.

කුමන බාධක පැමිණියත් විභාග දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දරුවන්ගේ විභාග අඛණ්ඩව පැවැත්වීමට කටයුතු කරන බව ද ඒ අනුව ප්‍රමාද වූ සෑම විභාගයක්ම හැකි ඉක්මනින් පවත්වා අවසන් කිරීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටින බව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය.

ඒ අනුව අධ්‍යාපන අමාත්‍යාංශය ගෙන ඇති ප්‍රතිපත්තිමය තීරණයකට අනුව 2022 වසරට අදාළ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝබර් 16 දාත්, උසස් පෙළ විභාගය ඔක්තෝබර් 17 දා සිට නොවැම්බර් 12 දා දක්වාත් පැවැත්වීමට කටයුතු යොදා ඇති බව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.

විභාග කොමසාරිස් එල්.එම්.ඩී. ධර්මසේන මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පෙරේදා (28) පැවති මාධ්‍ය හමුවේදීය.

මැයි 23 දා ආරම්භ වන අ.පො.ස. සාමාන්‍ය පෙළ- 2021 විභාගය සඳහා පාසල් අයදුම්කරුවන් 407,129ක් හා පෞද්ගලික අයදුම්කරුවන් 110 ,367ක් සිටන බවත්, ඒ වෙනුවෙන් විභාග මධ්‍යස්ථාන 3,842ක් හා සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 542ක් ක්‍රියාත්මක වන බවත් විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසීය. එසේම 2021 උසස් පෙළ විභාගයේ විභාග කාර්ය මණ්ඩල සඳහා ගෙවීම් කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බවත් පැවසීය.

More articles

Latest article