27 C
Colombo
සඳුදා, අප්‍රේල් 29, 2024

සෑම පක්ෂයකටම සාධාරණ නියෝජනයක් සහිත පාලන ව්‍යුහයක් – ජනපති

Must read

සෑම පක්ෂයකටම සාධාරණ නියෝජනයක් සහිත පාලන ව්‍යුහයක් සකස් කිරීම තම අරමුණ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම පිළිබඳව පක්ෂ කිහිපයක් සමග ඊයේ පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා එම අදහස් පලකර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

ජාතික සභාව ඇති කිරීම ප්‍රධාන ඉලක්කය බව පෙන්වාදුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සියලු පක්ෂවල නියෝජනය සහ සන්ධානය තුළ ඇති අනෙකුත් පක්ෂ සහ කණ්ඩායම්වල සම්පුර්ණ නියෝජනයක් ඒ සඳහා අවශ්‍ය බව ප්‍රකාශ කර තිබේ.

කමිටු ක්‍රමය නියෝජනය කරනවා ද එසේත් නැතිනම් ආණ්ඩුවට එක් වනවා ද යන්න ඒ ඒ පක්ෂ සාකච්ඡා කොට තමන් වෙත දැනුම්දෙන ලෙස ජනාධිපතිවරයා මෙහිදී ඉල්ලීමක් කර ඇත.

More articles

Latest article