26 C
Colombo
සෙනසුරාදා, මැයි 18, 2024

පාකිස්තානයේ ගංවතුර තත්ත්වය හේතුවෙන් විපතට පත්වූවන් සඳහා ශ්‍රී ලංකාව ලංකා තේ තොගයක් පරිත්‍යාග කරයි

Must read

පසුගිය සති කිහිපය තුළ පාකිස්තානයේ හටගත් දරුණු සහ හදිසි ගංවතුර තත්ත්වය හේතුවෙන් විපතට පත්වූවන් සඳහා ශ්‍රී ලංකා රජය විසින් ලංකා තේ තොගයක් පරිත්‍යාග කරන ලදී.

මෙම තේ තොගය 2022 සැප්තැම්බර් 5 වැනි දින විදේශ කටයුතු අමාත්‍යංශයේ දී පාකිස්තාන මහ කොමසාරිස් උමර් ෆාරුක් බුර්කි මහතා භාර දුන් විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා, ගංවතුර හේතුවෙන් තුවාල ලැබූ සහ විපතට පත් වූවන්ගේ පවුල් වෙනුවෙන් සිය සංවේගය පළ කළේ ය. පාකිස්තානයට ශ්‍රී ලංකා රජයේ සහ ජනතාවගේ සහයෝගය පිරිනමන බවද එතුමා මෙහිදී සඳහන් කළේ ය.

විදේශ කටයුතු අමාත්‍යංශයේ සහ පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ද මෙම අවස්ථාව සඳහා සහභාගී වූහ.

More articles

Latest article