25 C
Colombo
ඉරිදා, මැයි 19, 2024

ජනාධිපති මාධ්‍ය අංශයේ ක්‍රිකට් තරගාවලිය ගෝල්ඩන් ෆ්ලෑෂස් ජය ගනී

Must read

ජනාධිපති මාධ්‍ය අංශයේ සුබසාධක හා ක්‍රීඩා අංශය විසින් සංවිධාන කළ සුහද ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ප්‍රවාහන අංශය නියෝජනය කළ ගෝල්ඩන් ෆ්ලෑෂස් කණ්ඩායම සමත් වූ අතර, අනුශූරතාව ඡායාරූප අංශය නියෝජනය කළ ෆයර් බෝල්ස් කණ්ඩායමට හිමි විය.

මහරගම තරුණ සේවා ක්‍රීඩාංගණයේදී පැවැති මේ තරගාවලියට ඒඩිටෝරියල් චැලේන්ජර්ස්, ඇඩ්වාන්ස් පවර්, ෆයර් බෝල්ස්, ඩිජිටල් නෝමෑඩ්ස්, ගෝල්ඩන් ෆ්ලෑෂස්, මොන්ස්ටර්ස්, බැටින් ඩීවාස් (කාන්තා) සහ බොම්බ් ස්කොඩ් (කාන්තා) නමින් ජනාධිපති මාධ්‍ය අංශය නියෝජනය කරමින් කණ්ඩායම් අටක් සහභාගි විය.

ශූරතාව දිනා ගත් ගෝල්ඩන් ෆ්ලෑෂස් කණ්ඩායම ධනුෂ්ක වන්නිආරච්චි මහතාගේ නායකත්වයෙන් තරග වැදුණු අතර, ඊට ජනිත් මලින්ද පෙරේරා, තනුජ් මධුසංඛ, සමන්ත ප්‍රදීප් කුමාර, විනෝද් හරිත, නන්දන කුමාර, ප්‍රියදර්ශන ඇල්විටිගල, එම්.පී. සුනිල්, මේකලා අවන්ති ජයතුංග, නෙතුනි බණ්ඩාර ක්‍රීඩා කළහ.තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය ගෝල්ඩන් ෆ්ලෑෂස් කණ්ඩායමේ නායක ධනුෂ්ක වන්නිආරච්චි මහතාට හිමි විය. හොඳම පිතිකරු සම්මානය ඇඩ්වාන්ස් පවර් කණ්ඩායමේ ධනුෂ්ක රාමනායක මහතාටත්, හොඳම පන්දු යවන්නා සම්මානය ෆයර් බෝල්ස් කණ්ඩායමේ සුමින්ද කීර්ති මහතාටත් හිමි වූ අතර, දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානය බැටින් ඩීවාස් කණ්ඩායමේ නායිකා නේරංජා නවරත්න මෙනෙවිය විසින් දිනා ගනු ලැබුවාය.

ජයග්‍රාහී කණ්ඩායම් වෙත කුසලාන සහ ත්‍යාග පිළිගැන්වීම ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක (ජාත්‍යන්තර මාධ්‍ය) ෂෙනුකා සෙනෙවිරත්න, ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධනුෂ්ක රාමනායක, ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් සුධීර නිලංග විතාන සහ මාධ්‍ය අධ්‍යක්ෂ ඩබ්ලිව්.එම්.කේ. විජයබණ්ඩාර මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

More articles

Latest article