28.9 C
Colombo
බ්‍රහස්පතින්දා, මැයි 2, 2024

ජනපති අරමුදල නව වසරේ වැඩ අරඹයි

Must read

ජනාධිපති අරමුදලේ කාර්ය මණ්ඩලය 2023 නව වසරේ රාජකාරි ආරම්භ කිරීමේ අවස්ථාවට ආශීර්වාද පළ කරමින් පිරිත් සජ්ඣායනයක් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක සහ ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් ඊයේ (03) එම කාර්යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

පූජ්‍ය ආචාර්ය කිරින්දේ අස්සජි ස්වාමීන් වහන්සේ පිරිස පංචශීලයේ පිහිටුවා සිදු කළ කෙටි අනුශාසනාවෙන් අනතුරුව පිරිත් සජ්ඣායනය ආරම්භ විය. ගංගාරාම විහාරස්ථානයේ නවම් පෙරහර සඳහා ජනාධිපති අරමුදලින් පිරිනමන රුපියල් මිලියන 10ක චෙක්පත මෙහිදී සාගල රත්නායක මහතා විසින් පිළිගන්වනු ලැබීය.

ජනාධිපති අරමුදලේ කාර්ය මණ්ඩලය විසින් සිදු කරන ලද කැපවීම අගය කරමින් එම අංශයේ සියලු නිලධාරීන් වෙත ප්‍රශංසා ලිපි පිරිනැමීමද මෙහිදී සිදු කෙරිණි.

2023 වසරේ ජනාධිපති අරමුදලෙන් සැපයෙන සේවාවන් වඩා විධිමත් සහ පුළුල් කිරීමට මෙන්ම කාර්යක්ෂම සේවාවක් මහජනතාව වෙනුවෙන් සිදු කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මඟපෙන්වීම අනුව පියවර ගෙන තිබේ.

පූජ්‍ය පල්ලේගම රතනසාර ස්වාමීන් වහන්සේද, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, ජනාධිපති අරමුදලේ ලේකම් සරත් කුමාර යන මහත්වරු සහ ජනාධිපති කාර්යාලයේ හා මුදල් අමාත්‍යාංශ නිලධාරීහුද මේ අවස්ථාවට එක්ව සිටියහ.

More articles

Latest article