25 C
Colombo
ඉරිදා, මැයි 19, 2024

ජනපති මල්වතු – අස්ගිරි මහනාහිමිවරු බැහැදකී

Must read

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා (2) පෙරවරුවේ මල්වතු, අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැක ආශීර්වාද ගත්තේය.

පළමුව මල්වතු මහා විහාරය වෙත පැමිණි ජනාධිපතිවරයා මල්වතු මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහනාහිමිපාණන් වහන්සේ බැහැදැක සුවදුක් විමසා අටපිරිකර පූජා කළේය.

මල්වතු මහනාහිමිපාණන් ප්‍රමුඛ මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ඣායනා කර ජනාධිපතිවරයාට ආශීර්වාද පළ කළ අතර, මල්වතු මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත විශේෂ සමරු තිළිණයක්ද පිළිගැන්වූහ. මල්වතු මහා විහාරයේ තැන්පත් කර ඇති සමරු ග්‍රන්ථයේ ජනාධිපතිවරයා සටහනක් තැබීය.

අස්ගිරි මහා විහාරයට පැමිණි ජනාධිපතිවරයා අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහනාහිමිපාණන් වහන්සේ බැහැදැක කෙටි පිළිසඳරක නිරත විය. අස්ගිරි මහා විහාරයේ සංවර්ධන කටයුතු පිළිබඳවද මෙහිදී ජනාධිපතිවරයා විමසා බැලූ අතර, අස්ගිරි මහනාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය සෙත් පිරිසත් සජ්ඣායනා කර ජනාධිපතිවරයා වෙත ආශීර්වාද පළ කළහ.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහත්වරුද මේ අවස්ථාවට එක්ව සිටියහ.

More articles

Latest article