29 C
Colombo
සෙනසුරාදා, අප්‍රේල් 27, 2024

අගමැති දළදා සමිඳුන් වැඳපුදා ගනියි

Must read

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (ජූලි 31) පෙරවරුවේ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවට පැමිණ දළදා සමිඳුන් වැඳපුදාගනු ලැබීය.

මෙම අවස්ථාවට එක් වූ අගමැතිවරයා ප්‍රකාශ කර සිටියේ ,සර්ව පාක්ෂික රජයක් පිහිටුවීමට සාකච්ඡා පැවැත්වීම සඳහා ඉදිරියේදි පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂවලට ලිඛිතව ආරාධනා කිරීමට ජනාධිපතිවරයා කටයුතු කරනු ඇති බවය.

රට මුහුණදෙන අභියෝගයන් ජයගැනීමට සියලුදෙනා රජය සමග එකඟතාවයෙන් කටයුතු කිරීම වැදගත් බව ද මෙහිදී අවධාරණය කර තිබෙයි.

More articles

Latest article