33 C
Colombo
සිකුරාදා, අප්‍රේල් 26, 2024

වරාය නගර පනත සඳහා තුනෙන් දෙකක බහුතරයක් අවශ්‍ය නැහැ – අමාත්‍ය මහාචාර්ය ජි.එල්.පීරිස්

Must read

වරාය නගර පනත සම්මත කරගැනීම සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් අවශ්‍ය බවට මේ වනවිට රටේ අසත්‍ය ප්‍රචාරයක් පැතිරෙන බවත් එය සම්මත කර ගැනීම සඳහා සරල බහුතරයක් ප්‍රමාණවත් බවත් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසී ය.

අමාත්‍යවරයා (18) දින පාර්ලිමේන්තුවේ දී මේබව ප්‍රකාශ කළේ ය.

එය තවදුරටත් පැහැදිලි කළ අමාත්‍යවරයා, රජය විසින් ම ඉදිරිපත් කරන්නට යෙදුණු සංශෝධන ද පනතට ඇතුළත් කිරීමෙන් අනතුරු ව එය සරල බහුතරයකින් සම්මත කරගත හැකි බවත් පැවසී ය. එම නිර්දේශිත සංශෝධන බ්‍රහස්පතින්දා සභානායක විසින් එය කමිටු වාර්තාවට ඇතුළත් කිරීමෙන් අනතුරුව විශේෂ බහුතරයක් හෝ ජනමත විචාරණයක් පැවැත්වීමට කිසිසේත් අවශ්‍ය නොවන බව ද අමාත්‍යවරයා අවධාරණය කළේ ය.

More articles

Latest article