27.2 C
Colombo
සෙනසුරාදා, මැයි 18, 2024

දියෙගෝ ගාර්ෂියාහි රැඳී සිටි ශ්‍රී ලාංකික සරණාගතයින් රුවන්ඩාවට 

Must read

දියෙගෝ ගාර්ෂියා දුපතෙහි රැඳී සිටින ශ්‍රී ලාංකික සරණාගතයින් තිදෙනෙක් ප්‍රතිකාර සඳහා රුවන්ඩාවට යැවීමට බලධාරීන් කටයුතු කරමින් සිටින බව “The New Humanitarian” වෙබ් අඩවිය වාර්තා කරයි.

එම දුපත බ්‍රිතාන්‍ය පාලනයේ පවතී.

බ්‍රිතාන්‍ය විදෙස් කටයුතු කාර්යාලය පැවසුවේ 2021 ඔක්තෝබර් මාසයෙන් පසුව ශ්‍රී ලාංකිකයින් 200 දෙනෙක් පමණ දියෙගෝ ගාර්ෂියා දූපතට පැමිණ ඇති බවය.

ඔවුන් ජීවිත අවදානම නොතකා බෝට්ටු මගින් එහි ගොස් තිබුණි.

ඉන් සමහරු නැවත ශ්‍රී ලංකාවට එවීමට එම දිවයිනේ බලධාරීන් කටයුතු කර තිබුණි.

තවත් සමහරු බෝට්ටුවල නැගී ප්‍රංශ පාලනයේ පවතින “රී යුනියන්” දුපතට ගොස් ඇති බව වාර්තා විය.

බොරිස් ජොන්සන් බ්‍රිතාන්‍ය අගමැතිවරයා ලෙස කටයුතු කරමින් සිටි සමයේ සරණාගතයින් රුවන්ඩාවට යැවීමට සැලැස්මක් තිබූ අතර එය අධිකරණ හේතුවෙන් හකුළා ගැනුණි.

එබැවින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා සරණාගතයින් රුවන්ඩාවට යැවීමට බ්‍රිතාන්‍ය බලධාරීන් ගෙන ඇති තීරණය සමහර පුද්ගලයින්ගේ සැකයට භාජනය වී තිබේ.

More articles

Latest article