30 C
Colombo
සිකුරාදා, මැයි 3, 2024

පොහොර සහනය හිමි සියලු ගොවීන්ට සතියක් ඇතුළත දියර පොහොර

Must read

පොහොර සහනාධාරය ලබන සියලු ගොවීන්ට අවශ්‍ය දියර පොහොර සියල්ල ලබන සතිය වන විට දී අවසන් කරන බව වී හා ධාන්‍ය, කාබනික ආහාර, එළවළු, පලතුරු, මිරිස්, ලූනු හා අර්තාපල් වගා ප්‍රවර්ධන, බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණික කෘෂිකර්ම රාජ්‍ය ඇමැති ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (1) ප්‍රකාශ කළේය.

අම්පාර, අනුරාධපුර, පොළොන්නරුව මෙන්ම අනෙකුත් දිස්ත්‍රික්කවලද පොහොර සහනාධාරය ලබන සියලු ගොවීන්ට මේ දියර පොහොර දෙන බව ඇමැතිවරයා කීය.

එමෙන්ම ලබන සතියේ සිකුරාදා වනවිට නැනෝ නයිට්‍රජන් දියර පොහොරත් දී අවසන් කිරීමට සැලසුම් කළද එහි යම් ප්‍රමාදයක් වන බවද ඇමැතිවරයා කීය.

එමෙන්ම පොහොර ලේකම් කාර්යාලයේ ලියාපදිංචි නොවූ කූඨ නිෂ්පාදකයන් හා වෙළෙඳුන් දියර පොහොර සඳහා විවිධ මිල ගණන් නිකුත් කරමින් සිටින බවත් මෙවැනි සිද්ධි සම්බන්ධයෙන් තොරතුරු වේනම් ප්‍රදේශයේ දිසාපතිවරයාට හෝ පැමිණිලි කරන ලෙසට ඉල්ලා සිටින බවද ඇමැතිවරයා කීය. කූඨ වෙළෙඳුන් විසින් නිකුත් කරන මෙවැනි පොහොර භාවිතයෙන් කිසිදු ප්‍රයෝජනයක් නැති අතර, කූඨ වෙළෙඳුන් සම්බන්ධයෙන් සහකාර පොහොර අධ්‍යක්ෂවරුන් විසින් පරීක්ෂණ කරන බවත් ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.

රාජ්‍ය ඇමැති ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී කිංස් නෙල්සන් මහතා මතුකරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

More articles

Latest article