30 C
Colombo
සිකුරාදා, අප්‍රේල් 26, 2024

රංජන්ට ජනපති සමාව දීම ගැන නීතිපති උපදෙස් ළඟදීම

Must read

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකට ජනාධිපති සමාව දීම සම්බන්ධයෙන් වූ නීතිපති උපදෙස් ඉදිරි දින කිහිපය තුළ ලැබෙනු ඇතැයි අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රංජන් රාමනායකට ජනාධිපති සමාව දීම සම්බන්ධයෙන් සලකා බලන ලෙස අධිකරණ ඇමැතිවරයාට දන්වා තිබිණි.

ඒ අනුව අධිකරණ ඇමැතිවරයා රංජන් රාමනායකට සමාව දීම සලකා බැලීම සඳහා බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයාගෙන් වාර්තාවක් කැඳවීය. එම වාර්තාව අධිකරණ අමාත්‍යාංශයට ලැබීමෙන් පසුව ඇමැතිවරයා විසින් ඊට අදාළව නීතිපතිවරයාගෙන් උපදෙස් ඉල්ලා ඇත.

ඒ අනුව ඊට අදාළ උපදෙස් ඉදිරි දින කිහිපය තුළ ලැබෙනු ඇතැයි ඊයේ (28) අධිකරණ අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඇමැතිවරයා සඳහන් කළේය.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාට බරපතළ වැඩ සහිත වසර හතරක සිර දඬුවමක් ශ්‍රේෂ්ඨාධිකරණය මගින් නියම කර තිබේ.

More articles

Latest article