30.2 C
Colombo
බ්‍රහස්පතින්දා, මැයි 2, 2024

සතොස වෙත නිකුත් කළ සහල් සුපිරි වෙළෙඳසැල්වලටත්

Must read

ආනයනික සහල් තොග අවසන් වනතෙක් මෙතෙක් ලංකා සතොස වෙත පමණත් නිකුත් කළ සහල් තොග සියළු සුපිරි වෙළෙඳසැල් ජාලයන් වෙත එළෙඹෙන සතිය තුළ නිකුත් කිරීමට රජය තීරණය කර ඇත.

වෙළෙඳ හා සමෘද්ධි සංවර්ධන අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සහ සුපිරි වෙළෙඳසැල් ජාලයේ නියෝජිතයින් සමඟ ඊයේ (01) පැවති සාකච්ඡාවකින් අනතුරුව මේ බව තීරණය ගෙන තිබේ.

එහිදි එක් පාරිභෝගිකයෙකු සඳහා එම සහල්වලින් උපරිම ලෙස මිල දී ගත හැක්කේ කිලෝ ග්‍රෑම් 05ක් පමණි.

ඒ අනුව එම සහල් වල උපරිම සිල්ලර මිල පහත පරිදි වේ.

නාඩු සහල් කිලෝවක් – රුපියල් 145.00
සම්බා සහල් කිලෝවක් – රුපියල් 175.00

More articles

Latest article