29 C
Colombo
සිකුරාදා, මැයි 17, 2024

ඒක වෙනස් විදියේ අත්දැකීමක්, මමයි විහඟයි කතා වුණා වෙනස් දෙයක් කරමු කියලා – සංජානා ගමආරච්චි

Must read

පුංචි තිරයේ ටෙලි නිර්මාණ කිහිපයක් ඔස්සේම මේ දිනවල අපට දැකගන්නට ලැබෙන ජනප්‍රිය මෙන්ම කටකාර දක්ෂ රංගන ශිල්පිනියක් තමයි සංජානා ගමආරච්චි කියන්නේ.

ඇත්තෙන්ම සැහැල්ලු ජීවිතයක් ගතකරන මේ නිහතමානි රංගන ශිල්පිනිය ගැන මේවෙද්දී මෙරට නොදන්නා කෙනෙකු නැති තරම්.

ඒ තරමට ඇය මෙරට ජනයා අතර ජනප්‍රිය චරිතයක් බවට පත්ව තිබෙනවා. ඉතින් මේ දිනවල විකාශය කෙරෙන දිවි තුරා සහ ලංවී කියන ටෙලි නිර්මාණයන් ඔස්සේ දැකගන්නට ලැබෙන ඇය ගැන කතා කරනවානම් ඇය බොහෝ අත්දැකීම් වලට මුහුණ දෙමින් ජීවිතයේ ලොකු දුරක් ආපු කෙනෙක්.

කොහොම වෙතත් පහුගිය දවසක මේ කලා කාරිනියගේ ජීවිතයේ අලුත්ම පරිච්ඡේදයක් ලියවුනා. ඒ ගැන මේවෙද්දී මෙරට බොහෝදෙනෙකු දන්නවා.

ඇත්තෙන්ම පහුගිය දවසක ඇය ඇගේ පෙම්වතා සමගින් යුගදිවියට පිවිසියා. ඒ ගැන අහද්දී ඇයනම් කියන්නේ මේ දවස් වල ජීවිතය සතුටින් ගෙවෙනවා කියලයි.

ජීවිතයේ ඒ වෙනස සතුටින් විඳිමින් ජීවත් වෙනවා කියලයි. කොහොම වෙතත් ඇගේ මේ විවාහයට සහභාගිවෙලා හිටියේ සංජානාගේ පවුලේ කිහිපදෙනෙකු සහ ඇගේ සැමියා විහග ගේ පවුලේ සමීපතයන් කිහිපදෙනෙකු පමණයි.

එලෙස සිදු කෙරුණු මේ විවාහ ගිවිස ගැනීම ගැන අදහස් දක්වමින් ඇය කියන්නේ මෙන්න මේ වගේ කතාවකුයි.

“ඇත්තටම මම පසු ගිය දවසක විවාහ වුණා දැන් මට ස්වාමිපුරුෂයෙක් ඉන්නවා ඒක තමයි ජීවිතය සිදුවූ සුභ වෙනස අපි ලබන අවුරුද්දේ විවාහ මංගල්‍ය උත්සවය ගන්න හිතාගෙන ඉන්නවා.

මමයි විහඟයි කතා වුණා වෙනස් දෙයක් කරමු කියලා ඒ අනුව පෝට් සිටි එකේ යොට් එක තමයි අපේ විවාහ ගිවිස ගැනීම සිදු කලේ.

ඒක වෙනස් විදියේ අත්දැකීමක්. ඒකෙ ඉන්න අවසර දීල තිබ්බේ තිස් දෙනෙකුට විතරයි ඒකට සහභාගි වුණේ මගේ තාත්තයි නංගියි සහ මගෙම යාලුවෝ පිරිස පමණයි විහඟගෙ පැත්තෙනුත් එහෙමයි බොහෝ පිරිසකට කියන්න අවස්ථාව ලැබුණේ නැහැ”

ඒ විදිහට අදහස් දක්වන සංජානා සහ ආදරණීය සැමියා සංචාරයක නිරත වුණා කියලත් අපට ආරංචි වුණා. ඒ වගේම ඔවුන් දෙදෙනා ලබන වසරේදී විවාහ මංගල්‍ය උත්සවය ගන්නත් බලාපොරොත්තුවෙන් ඉන්නවා කියලයි සංජානා සදහන් කරන්නේ.

කොහොම වෙතත් හැමෝම වගේ ඇගේ මේ අතගත් කඩවසම් තරුණයා ගැන පහුගිය දවස්වල හොයන්න පටන් ගත්තා. ඉතින් ඒ ගැන සංජානා කියන්නේ මෙහෙම කතාවකුයි.

“මට එයාව මුණ ගැහුනේ මීට අවුරුදු කීපයකට කලින් ඔහුගේ මියුසික් වීඩියෝවකට තමයි අපි දෙන්නම මුලින්ම මුණගැහුණේ. ඒ කාලේ අපි මිතුරන් විදිහට ආශ්‍රය කළා කාලයක් යද්දි ආදරයක් ඇති වුණා.

ඔහු ආදරය ප්‍රකාශ කළා ඉතිං අපි ආදරේ පටන් අරගෙන දැන් වසරකට වැඩි කාලයක් ගෙවිලා ගිහින්. එයා ජීවත් වෙන්නේ ඕස්ට්‍රේලියාවෙ මේ දවස් වල ඔහු ඉගෙනීම් කටයුතු සිදු කරන අතර වාරයේ ව්‍යාපාර කටයුතු සිදු කරනවා”

ඒ විදිහට තමයි ඇය සිය ආදරණීය පෙම්වතා ගැන අදහස් දක්වලා තිබුණේ. ඉතින් මේවෙද්දී කලා ක්ෂේත්‍රය තුළ සුවිශේෂ ගමනක් යන ඇගේ ජීවිතයේ ඉදිරි බලාපොරොත්තු සියල්ල සර්වප්‍රකාරයෙන්ම සාර්ථක කර ගන්නට ඇයට හැකිවේවා කියල අපි හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු.

More articles

Latest article