28.4 C
Colombo
බ්‍රහස්පතින්දා, මැයි 2, 2024

අමෙරිකා විවෘත ටෙනිස් ශූරයන්ට ඩොලර් මිලියන 60ක වාර්තාගත මුදලක්

Must read

අමෙරිකා විවෘත ටෙනිස් තරග ඉතිහාසයේ පළමුවරට මෙවර ශූරතාවලියේ තෑගි මුදල ඩොලර් මිලියන 60ක් දක්වා ඉහළ දමා ඇතැයි වාර්තා වේ. පසුගිය වසරේ ශූරතාවලියේ තෑගි මුදල ඩොලර් මිලියන 57.5ක් විය.

මෙවර තරගාවලියේ සෑම තරග ඉසව්වකම තෑගි මුදල් ප්‍රමාණය ඉහළ දමා ඇති අතර, ඒකල ශූරතාව සඳහා ඩොලර් ලක්ෂ 26ක් ද, අනුශුරතාව සඳහා ඩොලර් ලක්ෂ 13ක් ද පිරිනැමීමට කටයුතු යොදා තිබේ. මීට අමතරව ඒකල තරග ඉසව්වේ අවසන් පූර්ව වටයට, අර්ධ අවසන් පූර්ව වටයට, අවසන් 16 දෙනා අතරට සහ අවසන් 32 අතරට පිවිසෙන සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හිමිවන මුදල් තෑගි ප්‍රමාණය ඉහළ දමා තිබේ.

එමෙන්ම පළමු වටයේ ඒකල තරගයට එක්වන සෑම ක්‍රීඩක ක්‍රීඩිකාවටම ඩොලර් අසූදහසක් සහ දෙවැනි වටයට පිවිසෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඩොලර් එක්ලක්ෂ විසිඑක්දහසක් පිරි නැමේ.

More articles

Latest article