30 C
Colombo
සිකුරාදා, අප්‍රේල් 26, 2024

මහ පාරේ උද්ඝෝෂණ වලින් “සිස්ටම් චේන්ජ්” කරන්න බැහැ – අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා

Must read

මහ පාරේ උද්ඝෝෂණවලින් හෝ දේශපාලන ව්‍යාපෘති වලින් සිස්ටම් චේන්ජ් කළ නොහැකි බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවැසීය.

ප්‍රතිපල නොමැති බොරු ” සිස්ටම් චේන්ජ් ” වලින් ඵලක් නැතැයි පැවැසූ අමාත්‍යවරයා සිස්ටම් චේන්ජ් කළ හැක්කේ තරුණ පරම්පරාව දේශපාලනික ,ආර්ථික හා සමාජයීය වශයෙන් සන්නද්ධ කිරීමෙන් පමණක් බවද සඳහන් කළේය.

අමාත්‍යවරයා මෙසේ පැවසුවේ ශ්‍රි ලංකා වරාය අධිකාරියේ මහපොළ වරාය හා සමුද්‍රීය විද්‍යාතනයේ වරාය කළමණාකරන ඩිප්ලෝමාව හැදැරු සේවක මහත්ම මහත්මීන් 35 දෙනකු සඳහා ඩිප්ලෝමා සහතිකපත් පිරිනැමීමේ උත්සවයේදීය

මෙම උත්සවය එහි ලලිත් ඇතුලත්මුදලි ශ්‍රවණාගාරයේදි පැවැත්විණ.

අර්ථයක් නැති සිස්ටම් චේන්ජ්වලට යොමු වනවාට වඩා යථාර්ථය දකින සැබෑ සිස්ටම් චේන්ජ් එකක් වෙනුවෙන් පෙනී සිටින ලෙස ඩිප්ලෝමාධාරීන් ගෙන් ඉල්ලීමක් කරන බවද අමාත්‍යවරයා පැවසුවේය.

වරාය අධිකාරියේ මෙතෙක් පැවති සාම්ප්‍රදායික සිස්ටම් එක තමා අමාත්‍යවරයා ලෙස පත් වූ පසු චේන්ජ් කළ බවත් වරායේ තනතුරු වලට තමා කිසිවිටකත් ඥාතීන් හෝ දේශපාලන හිතවතුන් පත් නොකළ බවත් නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

තමා වරාය අධිකාරියට පත් කළේ ඒ ඒ ‍ක්‍ෂේත්‍රවල වෘත්තීය නිපුණයින් බව ඔහු වැඩිදුරටත් පැවසීය.

මෙම අවස්ථාවට වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යංශයේ ලේකම් කේ.ඩී.එස්.රුවන් චන්ද්‍ර, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ උප සභාපති ගයාන් අල්ගේවත්තගේ, කළමනාකාර අධ්‍යක‍ෂ උපුල් ජයතිස්ස, මහපොළ වරාය හා සමුද්‍රීය විද්‍යාතනයේ ප්‍රධාන පුහුණු කළමනාකරු එස්.එච්.පත්මිණි කැළණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය තරිදු ඩි. වික්‍රමසිංහ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් ද සහභාගි වූහ.

More articles

Latest article