32 C
Colombo
සෙනසුරාදා, මැයි 4, 2024

සමඟි ජන බලවේගයේ ආණමඩුව සංවිධායක ෆුඩ්සිටියට කඩා වැදී සේවකයන්ට පහර දීලා

Must read

ආණමඩුව සමඟි ජන බලවේගයෙ සංවිධායකවරයා ආණමඩුව නගරයේ පුද්ගලික වෙ‍ෙළඳ ආයතනයට කඩාවැදී එහි කළමනාකාරිනිය ඇතුළු පිරිසකට අතින්, පයින් පහර දී ඇති බව ඇය ආණමඩුව පොලිසියට 28 දින පැමිණිලි කර ඇත.

මෙසේ පහර දීම සිදුකර ඇත්තේ ආණමඩුව සමගි ජන බලවේගයේ ආසන සංවිධායක ගාමිණී වඩිගමංගාව මහතා බව පොලිසිය පවසයි.

27 දින රාත්‍රියෙ මෙම පහර දිම සිදුව ඇති අතර, සජබ සංවිධායකවරයා අධික ලෙස බීමත්ව වෙ‍ෙළඳ ආයතනයට පැමිණ භාණ්ඩ කිපයක් තෝරා ගැනීමෙන් පසු පහර දීම සිදුකර ඇති බව පොලිසිය පවසයි.

අදාළ වෙ‍ෙළඳ ආයතනයේ කළමනාකාරවරිය පොලිසියට පැමිණිලි කර ඇත්තේ 27 දින රාත්‍රියේ තමන් සේවය කරන වෙළඳ ආයතනයට පැමිණි ආණමඩුව සජබ ආසන සංවිධායකවරයා භාණ්ඩ කිපයක් තෝරා ගෙන ඇති බවත් කිසිම හේතුවක් නොමැතිව මෙම පහරදීම සිදු කළ බවයි.

එහිදි මුලින්ම කළමනාකාරවරියට ද ඉන් පසුව මුදල් අයකැමිවරියට ද පසුව තවත් සේවිකාවකට ද පහර දී ඇති අතර, එය වැළැක්වීමට පැමිණි ආරක්ෂක නිලධාරිවරයාට ද අතින් පයින් පහර දී ඇති බව පොලිසියට කළමනාකාරවරිය කළ පැමිණිල්ලේ සඳහන් වෙයි.

පැමිණිල්ල කර ඇත්තේ අදාළ වෙ‍ෙළඳ ආයතනයේ සේවය කරන ආණමඩුව පෙරියකුලම පදිංචි තැනැත්තියකි.

සිද්ධිය සම්බන්ධයෙන් ආණමඩුව වැඩබලන පොලිස්ථානාධිපති එච්. ආර්. හේමන්ත නන්ද බණ්ඩාර මහතා සමඟ අපරාධ විමර්ශන අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එච්. එස්. ජයන්ත මහතා ඇතුළු පිරිසක් පරීක්ෂණ පවත්වන බව කියයි.

More articles

Latest article