30 C
Colombo
සෙනසුරාදා, අප්‍රේල් 27, 2024

ගම්පහ රත්නා­වලී ‘බී’ මහ­නු­වර මහා­මායා අර්ධ අව­සන් පූර්ව තර­ගය අද

Must read

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංග­මය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආය­ත­නයේ අනු­ග්‍ර­හය ඇතිව සංවි­ධාන කරන අවු­රුදු 19න් පහළ බාලිකා දෙවැනි කොටසේ අන්තර් පාසල් ක්‍රිකට් තර­ගා­ව­ලියේ දෙවැනි අර්ධ අව­සන් පූර්ව තර­ගය අද (9) ගිරි­උල්ල වික්‍ර­ම­ශිලා ජාතික පාසල් ක්‍රීඩාං­ග­ණ­යේදී පැවැත්වේ.

එහිදී ගම්පහ රත්නා­වලී බාලිකා විදු­හල් ‘බී’ කණ්ඩා­යම සම­ඟින් මහ­නු­වර මහ­මායා බාලිකා විදු­හල තරග වදියි.

තෙවැනි වටයේ තර­ග­ය­කදී හබ­රණ ද්විතී­යික පාසල් පිල පර­ද­ව­මින් රත්නා­වලී බාලිකා විද්‍යාල ‘බී’ පිල මේ තර­ග­යට එක් වූ අතර, තෙවැනි වට­යේදී මන්නා­රම සාන්ත ෆාතිමා මධ්‍ය මහා විද්‍යා­ලය පර­ද­ව­මින් මහ­මායා බාලිකා විද්‍යා­ලය අව­සන් පූර්ව වට­යට සුදු­සු­කම් ලැබීය.

රත්නා­වලී බාලිකා විද්‍යාල ‘බී’ පිල විහඟි පෙරේරා විසින් මෙහෙ­ය­වනු ලබන අතර, ඉෂිරි මීග­ම්මන විසින් මහ­නු­වර මහ­මායා බාලිකා විද්‍යා­ලය මෙහෙ­ය­වනු ලබයි.

More articles

Latest article