26 C
Colombo
සෙනසුරාදා, මැයි 18, 2024

අලුත් කණ්ඩායමකට බලය ඉල්ලන අය චන්ද්‍රිකා‍ගෙන් ඇමැතිකම් ගත්තා – විපක්ෂ නායක

Must read

උනුත් එකයි, මුනුත් එකයි කියමින් අලුත් කණ්ඩායමකට බලය දෙන්නැයි කියන බලයට මාන බලන වී අයි පී සමාජවාදීන් 2004 මාර්තු මාසයේදී චන්ද්‍රිකා මැතිනියගෙන් කැබිනට් ඇමැතිකම්, නියෝජ්‍ය ඇමැතිකම් ගත් බවත්, එසේ තිබියදී උනුත් එකයි මුනුත් එකයි කියා තමන් හොඳ බව ඔවුන් පවසන්නේ කෙසේ දැයි තමන් විමසන බවත්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

මතුගම පැවැති සමඟි ජන බලවේගයේ රැළියක් අමතමින් පෙරේදා (30) ඔහු මේ බව කියා සිටියේය.

හෙතෙම වැඩිදුරටත් මෙසේ ද කීය.

‘අද බලයට මාන බලන විකල්ප කණ්ඩායමක් ඔවුන් තමයි සුපිරිසුදුම කියලා පෙන්වන්න හදනවා. ඔවුන් නවීන කණ්ඩායමක් කියලා තමයි කියා ගන්නේ. මේ සම්මතේට රැස්වීමක් අමතලා නැති දේශපාලනයට නුපුරුදු මේ කණ්ඩායම ජනතාව අන්දවන්න හදනවා. 2004 මාර්තු මාසේ 28 වැනිදා උදේ 9.00ට කෘෂිකර්ම ඉඩම් හා වාරිමාර්ග ඇමැති ධුරයේ චන්ද්‍රිකා මැතිනියගේ ආණ්ඩුවේ දිවුරුම් දෙන්නේ අනුර කුමාර දිසානායකයි. සංකෘතික ඇමැති ලෙස විජිත හේරත්, ග්‍රාමීය ආර්ථික කටයුතු ඇමැති ලෙස ලාල් කාන්ත, ධීවර ඇමැති ලෙස චන්ද්‍රසේන විජේතුංග දිවුරුම් දෙනවා. ඊට අමතරව නියෝජ්‍ය ඇමැතිවරු ලෙස බිමල් රත්නායක, සමන්ත විද්‍යාරත්න, සුනිල් හඳුන්නෙත්ති, නිහාල් ගලප්පත්ති යන අයත් සිටියා. එතකොට කොහොමද උනුත් එකයි මුනුත් එකයි කියන්නේ? මේ හදන්නේ නැවත රාජකීය ඇන්දවිල්ලක් ක්‍රියාත්මක කරන්නයි.

ඒකට මේ රටේ ජනතාව රැවටෙනවා නම් හැමෝටම දත්මිටි කාගෙන උහුලන්න වෙයි දෙවැනි වතාවටත් මේ රට බංකොලොත් කියලා. 2019 මේ රට විනාශ කර ගත්තා. රට විනාශ කිරීමේ ගමනේ දෙවැනි පියවර මේ වගේ ඇන්දවිලි තුළින් ක්‍රියාත්මක වෙනවා.’

More articles

Latest article