25 C
Colombo
ඉරිදා, මැයි 19, 2024

ඉස්සර ඉඳලා දේශපාලනයට මං ගොඩක් කැමති – ප්‍රවීණ නිලි සංගීතා වීරරත්න

Must read

ඇය කලා ලොවේ නිලි රැජිනකි. විටෙක සිනමා රංගනයෙන් ද විටෙක ටෙලි නාට්‍යය රංගනයෙන් ද මුළු රටක් වශී කල ඇය නමින් සංගීතා වීරරත්න යි.

සංගීතා අද වන විට සුවහසක් ප්‍රේක්ෂක පිරිසකගේ ආදරය දිනාගන්නට සමත් වන්නේ ඇය තුළ වූ අපූරු රංගන හැකියාව නිසාම ය. සංගීතාට දියණීයක් සිටින අතර ඇයට දැන් වයස අවුරුදු 11ක් වන අතර,

සංගීතාට පාලුවක් දැනෙන්නේ නැත්තේ, ඇගේ සොඳුරු කැඳැල්ලේ ඇයත් ඇගේ ආදරණීය ස්වාමියත් දියණියත් මෙන්ම තව පවුලේ ආදරණීයනුත් ඉන්නා නිසා ලු.

ඉතින් මේ වගේ ගොඩක් පිරිසක් ඇය වටා ඉන්නවාට සංගීතා හරි ආසයි ලු. “මුළු ගෙදරම පිරිලා. මොන ප්‍රශ්න ආවත් ඒ දේවල් බෙදා ගන්න පිරිසක් ඉන්නවා.

ඒක මට ලොකූ ශක්තියක්. ඒ ශක්තියත් එක්ක පහුගිය වසර 2ක කාලෙය ගෙවුණු විදිය නොදැනීම ගෙවුණා වාගේ. මගේ දූ මා ළඟට ඇවිත් අම්මා මට 2022 කියලා කියන්න එපා.

මොකද මට ඒක ඔළුවට එන්නේ නෑ. මේ හැමෝම එක්ක ගත කල කාලය කොච්චර සුන්දර ද කියල ත් කියනවා” සංගීතා හරි අපූරුවට. “කවුරුවත් දන්නේ නෑ” ෆිල්ම් එකේ රඟපාන්නට සංගීතා හරිම සතුටින් තමයි භාරගෙන තියෙන්නේ.

ඉතින් සංගීතා “ඝරසරප” ෆිල්ම් එකේ රඟපෑවාට පස්සේ තමයි, “කවුරුවත් දන්නේ නෑ” ෆිල්ම් එකේ රඟපාන්න භාරගන තියෙන්නේ. ඒ වගේම ජීවන් කුමාරතුංග විසින් අධ්‍යක්ෂණය කළ, ඇය රඟ පෑ “ජීවා” ෆිල්ම් එකත් ඉදිරියේ දී තිරගත වෙන්නටත් තියනවා.

රිදී තිරයට වඩා පුංචි තිරය තමයි ප්‍රේක්ෂකයාට ගොඩාක්ම සමීප. ඉතින් ඒකටත් ගැලපෙන වැඩක් කරොත් හොඳයි කියලා සංගීතාට හිතෙනවාලු.

බෙනට් රත්නායකයන්ගේ පළමු චිත්‍රපටයේ පටන්ම සංගීතා රංගනයෙන් හරි අපූරුවට දායක වෙලා තියනවා. “අස්වැසුම” ෆිල්ම් එකේ ද සංගීතා හරි අපූරුවට එදා රඟපෑ අතර,

එහිදි ඇයට හොඳම සහ ජනප්‍රියම නිලියට හිමි සම්මානය පවා ලබාගන්නට සමත් වනවා. ඒ වගේම දේශපාලන චරිතයක් රඟපාන්නට කියලා සංගීතාගේ යටි හිතේ තිබුණාලු එදා ඉදන්ම.

ඉතින් සංගීතාට ඒ දේත් හරි අපූරුවට කරන්නට වරම් ලැබෙනවා. හැබැයි සැබෑ ජීවිතේ කියන්නේ එකක්. ඇත්තටම දේශපාලනය නොකළාට අපි මිනිස්සු එක්ක වැඩ කරලා තියනවා.

පරිපාලනය කරලා තියනවා. ව්‍යාපාර පරිපාලනය පවා කරලා තියනවා. ඒ වගේම සමාජ සත්කාරයන් වැනි දෑ වලත් අපි යෙදෙනවා” කියලත් සංගීතා කියන්නේ හරි අපූරුවට.

More articles

Latest article