29 C
Colombo
අඟහරුවාදා, අප්‍රේල් 30, 2024

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර දිවා රාත්‍රි එක්දින ක්‍රීකට් තරගාවලිය අද

Must read

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර. දිවා රාත්‍රි එක්දින ක්‍රීකට් තරගාවලිය මහනුවර පල්ලෙකැළේ ජාත්‍යන්තර ක්‍රිඩාංගනයේදි අද ඇරඹෙයි. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සංවිධාන කරන එක්දින ක්‍රිකට් ලෝක කුසලාන සුපිරි ලීගයට අයත් මෙම තරගාවලිය තරග 03 කින් සමන්විතයි. එම තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම අද සහභාගි වන්නේ 16 වන තරගයටයි. සිම්බාබ්වේ කණ්ඩායම සහභාගි වන 10 වන තරගය මෙයයි. සහභාගි වූ තරග 15 න් 04 ක් ජය ගනිමින් ශ්‍රි ලංකා කණ්ඩායම තරගාවලියේ 07 වන ස්ථානයේ පසුවෙයි . සිම්බාබ්වේ කණ්ඩායම 13 වන හෙවත් අවසන් ස්ථානයේ පසුවන්නේ තරග 09කින් දෙකක් ජය ගනිමිනි.

වසරක අන්තර්ජාතික ක්‍රිකට් තහනමකට ලක්ව සිට මාස 06 කට පසු ඉන් නිදහස් වු කුසල් මෙන්ඩිස් හා කඩුලු රකින ක්‍රිඩක නිරෝෂන් දික්වැල්ල මෙම තරගාවලියෙන් යලි ජාත්‍යන්තර තරග බිමට පිවිසීම විශේෂත්වයකි. එහිදී ආරම්භක පිතිකරු ලෙස කුසල් මෙන්ඩිස් කටයුතු කරනු ඇතැයි පසුගියදා පැවති මාධ්‍ය හමුවකදි ශ්‍රි ලංකා සීමිත පන්දුවාර ක්‍රිකට් කණ්ඩායමේ නායක දසුන් ෂානක පැවසිය කුසල් මෙන්ඩිස් හෝ දිනේෂ් චන්දිමාල් කඩුලු රැකීමට නියමිත බව ද ඔහු සදහන් කළේය . කොරෝනා වෛරසය ආසාදනය වී සුවය ලබා ඇතත් වේගපන්දු යවන ක්‍රිඩක දුෂ්මන්ත චමීර ට පළමු එක්දින තරගය අහිමි වනු ඇත.

More articles

Latest article