29 C
Colombo
සෙනසුරාදා, මැයි 4, 2024

දිනේෂ් ෂාෆ්ටර් මරණය ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

Must read

අභිරහස් ලෙස මරණයට පත්වූ ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණය ආගන්තුක පුද්ගලයෙකු විසින් සිදුකළ බවක් මෙතෙක් සිදුකරන ලද විමර්ශන තුළින් අනාවරණයවී නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (09) අධිකරණය හමුවේ කියා සිටියේය.

රජයේ රස පරීක්ෂක වාර්තා උපුටා දක්වමින් විමර්ශන නිලධාරින් වැඩිදුරටත් කියා සිටියේ මෙම මරණයට හේතුවී ඇත්තේ සයනයිඩ් ශරීරගතවීමකින් බවය.

ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණය සම්බන්ධයෙන් වූ නීති කෘත්‍යය කොළඹ අංක 02 මහෙස්ත්‍රාත් අධිකරණයේ අතිරේක මහෙස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය ඉදිරියේ අද දිනයේත් කැඳවනු ලැබීය.

එහිදී අධිකාරණය හමුවේ පෙනී සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි හේමාල් ප්‍රශාන්ත ඇතුළු විමර්ශන නිලධාරින් කණ්ඩායම සිය විමර්ශනවල ප්‍රගතිය වාර්තා කළේය.

More articles

Latest article