29 C
Colombo
සෙනසුරාදා, මැයි 4, 2024

රියදුරු හිඟයෙන් දුම්රිය 24ක් අවලංගු කෙරේ

Must read

රියදුරු හිඟය හේතුවෙන් අද (06) දිනය තුළ ප්‍රාදේශීය දුම්රිය ගමන් වාර 24ක් අවලංගු කර ඇති බව දුම්රිය ගමනා ගමන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එම්.ජේ ඉදිපොලගේ මහතා පැවසීය.

වයස අවුරුදු 60න් රජයේ සේවකයින් විශ්‍රාම ගැන්වීමේ තීරණය හේතුවෙන් ඇතිව තිබෙන දුම්රිය රියදුරන්ගේ හිඟය මත එම තීරණය ගෙන ඇති බව ඔහු සඳහන් කළේය. 

භාණ්ඩ ප්‍රවාහන දුම්රිය සහ නාවලපිටිය, මාතලේ, මහනුවර, මහව, මඩකලපුව වැනි ප්‍රාදේශීය දුම්රිය කිහිපයක් එලෙස අවලංගු කළ ගමන්වාර අතර වේ.

වයස අවුරුදු 60න් රජයේ සේවකයින් විශ්‍රාම ගැන්වීමේ ප්‍රතිපත්තිමය තීරණය මත ආසන්න කාලසීමාව තුළ දුම්රිය රියදුරන් 46දෙනෙකු පමණ සේවයෙන් විශ්‍රාම ගෙන ඇති බව වාර්තා වෙයි.

එම ගැටලුවට විසඳුම් වශයෙන් කොන්ත්‍රාත් පදනමින් දුම්රිය රියදුරන් 27ක් රියදුරු සහයකයින් 9ක් සහ දුම්රිය නියාමකයින් 23ක් බඳවාගැනීම සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කර ඇති බව දුම්රිය ගමනා ගමන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා පැවසුවේය.

පසුගිය ජනවාරී මාසයේ එම ඉල්ලීම සිදුකර තිබුණද මේ දක්වා ඊට ප්‍රතිචාර ලැබී නොමැති බව ඒ මහතා පැවසීය.

කෙසේවූවද එම තත්ත්වය කළමණාකරණය කර ගැනීම සඳහා හෙට (07) දිනයේ කාර්යාල දුම්රිය නියමිත පරිදි ධාවනට එක් කිරීමට සැළසුම් කර තිබේ.

ලබන බදාදා පමණ වන විට කොළඹ, මඩකලපුව දුම්රිය ධාවනය යථා තත්ත්වයට පතකළ හැකි වනු ඇති බවද නියෝජ්‍යය සාමාන්‍යාධිකාරීවරයා සඳහන් කළේය.

කෙසේවෙතත් පවතින රියදුරු හිඟය හේතුවෙන් පසුගිය සිකුරාදා සිට කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වන උදයදේවි දුම්රියේ ධාවන කටයුතු මේ වනවිටත් නතරකර තිබේ.

More articles

Latest article