30 C
Colombo
සිකුරාදා, අප්‍රේල් 26, 2024

තිරිඟු පිටි මිල යළිත් ඉහළට

Must read

වෙළෙඳපොළ තුළ මේ වනවිට තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 350 දක්වා ඉහළ ගොස් ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

එහි සභාපති එන්.කේ. ජයවර්ධන මහතා සඳහන් කළේ මෙරටට තිරිඟු පිටි ආනයනය කරන ප්‍රධාන සමාගම් දෙකම වෙළෙඳපොළට තිරිඟු පිටි නිකුත් කිරීම නතර කර ඇති බවය.

දෛනික තිරිඟු පිටි අවශ්‍යතාවයෙන් 25%ක් පමණක් මේ වන විට වෙළෙඳපොළට නිකුත් වන බව එන්.කේ. ජයවර්ධන මහතා පවසයි.

“අද වන විට ලංකාවේ දරුණු පිටි හිඟයක් තියෙනවා. ලංකාවෙම පිටි අවශ්‍යතාවය සැපයුම් කළේ සමාගම් 2ක් විසින්. ඒ සමාගම් දෙකට තිරිඟු ඇට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය ඩොලර් ටික ලැබෙන්නේ නෑ. ඒ නිසා එම සාමාගම් දෙක ලංකාවේ මුළු පිටි අවශ්‍යතාවයෙන් 25%යි බෙදා හරින්නේ. 75%ක හිඟයක් තියෙනවා. මේ 75% හරියන්න ඉන්දියාවෙන් තුර්කියෙන් පිටි ආනයනය කළා. පෞද්ගලික වෙළෙන්දෝ ආනයනය කරලා යන්තම් මේක සමතයකට පත් කළා. ඊයේ පෙරේදා ඉන්දියාව තාවකාලිකව අපනයනය කිරීම තහනම් කළා. ඒත් එක්කම ඉන්දියාවෙන් ලංකාවට පිටි ගෙන්වා තිබුණ ව්‍යාපාරිකයෝ ටික රුපියල් 200 ට 210ට දෙන පිටි කිලෝ එක අද රුපියල් 350ක් දක්වා ඉහළ දාලා තියෙනවා. මේක ඉතාමත්ම අසාධාරණයි. මෙහෙම ගියොත් අන්තිම වෙනකොට පාන් කෑල්ලක් දකින්න වෙන්නේ නෑ. පෝලිමේ ඉදලාවත් පාන් ගෙඩියක් ගන්න වෙන්නේ නෑ. පාන් ගෙඩියක් රුපියල් 250ට 300ට තමයි ගන්න වෙන්නේ.”

More articles

Latest article