25 C
Colombo
ඉරිදා, මැයි 19, 2024

යාගොඩ දුම්රිය හරස් මඟේදී ඉන්ටසිටියේ ගැටුණු කාරයේ රියැදුරු මරුට

Must read

ගම්පහ යාගොඩ දුම්රිය ස්ථානය අසල හරස් මාර්ගයේ ගමන් කළ මෝටර් රථයක් මහනුවර සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ නගරාන්තර ශීඝ්‍රගාමි දුම්රියේ ගැටීමෙන් එහි රියැදුරා බරපතළ තුවාල ලබා මරණයට පත්ව ඇතැයි ගණේමුල්ල පොලිසිය කියයි.

ඊයේ (15) සවස 5.10ට පමණ යාගොඩ දුම්රිය ස්ථානය අසලදී මෝටර් රථයේ රියැදුරා දුම්රිය එන අවස්ථාවේ අපරික්ෂාකාරීව මෝටර් රථය ධාවනය කිරීමෙන් මේ අනතුර සිදු වී ඇතැයි හෙළි වේ.

දුම්රියේ ගැටුණු මෝටර් රථය යාගොඩ දුම්රිය ස්ථානයේ පළමුවන වේදිකාව මැද දක්වා ඇදී ගොස් නතර වී ඇතැයි පොලිසිය කියයි.

අනතුර හේතුවෙන් මෝටර් රථය පොඩිපට්ටම් වී තිබිණ. මේ හේතුවෙන් දුම්රිය ගමනාගමනයට ද බාධා පැමිණ තිබිණි.

මෝටර් රිය පදවාගෙන ආ පුද්ගලයා යාගොඩ ප්‍රදේශයේම පදිංචි හතළිස් තුන් හැවිරිදි පුද්ගලයකු බවට තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිසිය කීය. මේ අතර ඔහුගේ දේහය ගම්පහ මහ රෝහල වෙත යෑවීමට කටයුතු කර තිබිණි.

ගණේමුල්ල පොලිසිය සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පවත්වයි.

More articles

Latest article