28.7 C
Colombo
අඟහරුවාදා, මැයි 21, 2024

විදෙස් සංචාරකයින්ගේ පැමිණීම ගැන නවතම වාර්තාව

Must read

මෙම වසරේ මේ දක්වා කාලය තුළ විදෙස් සංචාරකයින් 644,186 දෙනෙකු මෙරටට පැමිණ ඇති බව සංචාරක අමාත්‍යාංශය පවසයි.

මේ මස මුල් දින 07 තුළ පමණක් විදෙස් සංචාරකයින් 16,168 දෙනෙකු මෙරටට පැමිණ ඇති බව සංචාරක අමාත්‍යාංශය සඳහන් කළේය.

මේ වසරේ වැඩිම සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇත්තේ මාර්තු මාසයේ වන අතර එම සංඛ්‍යාව 106,500ක් බව සඳහන්ය.

ප්‍රධාන වශයෙන් රටවල් 20ක සංචාරකයින් මේ දක්වා කාලය තුළ මෙරටට පැමිණ ඇති අතර ඉන් වැඩිම පිරිසක් මෙරටට පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් බව වාර්තා වේ.

එම සංඛ්‍යාව 108,510 දෙනෙකු වන බව සඳහන්ය.

එමෙන්ම බ්‍රිතාන්‍ය ජාතියින් 78,827 දෙනෙකු, රුසියානු ජාතිකයින් 74,713 දෙනෙකු ද මේ වසරේ මේ දක්වා කාලය තුළ මෙරටට පැමිණ ඇති බව සංචාරක අමාත්‍යාංශය සඳහන් කළේය.

More articles

Latest article