30.2 C
Colombo
බ්‍රහස්පතින්දා, මැයි 2, 2024

ත්‍රිකුණාමල වරාය ව්‍යාපෘතියේ ආයෝජනයට දෙස් විදෙස් ආයෝජකයින්ට ආරාධනා

Must read

ත්‍රිකුණාමලය වරාය කාර්මික වරායක් බවට පරිවර්තනය කිරීමට සැලසුම් කර ඇති බව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ආචාර්ය ප්‍රසන්න ජයමාන්න මහතා පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පැවසුවේ මෙම ක්‍රියාවලිය කාලයකට පෙර ආරම්භ කර ඇති අතර නව වරාය, නාවික සහ ගුවන්සේවා අමාත්‍යවරයාගේ උපදෙස් මත මේ වන විට එම ක්‍රියාවලිය වේගවත් කර ඇති බවයි.

මෙහිදී වරාය අධිකාරියේ සභාපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේ ඔවුන් නුදුරේදීම මේ සඳහා ආයෝජක සමුළුවක් කැඳවන බවයි.

එමඟින් දේශීය සහ අන්තර්ජාතික කාර්මික ආයෝජකයින්ට කාර්මික පරමාර්ථයෙන් යුතුව ත්‍රිකුණාමලය වරාය ව්‍යාපෘතියේ ආයෝජනය කරන ලෙස ඔහු ආරාධනා කර සිටියේය.

More articles

Latest article