30.2 C
Colombo
බ්‍රහස්පතින්දා, මැයි 2, 2024

තේ වතු හිමියන්ගේ අතමිට සරු වෙයි

Must read

රුපියල් 110කට පමණ තිබූ අමු තේ දලු කිලෝවක මිල මේ වන විට රුපියල් 250 දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ අධ්‍යක්ෂ පවිත්‍ර පීරිස් මහතා පවසයි.

මේ හේතුවෙන් තේ කර්මාන්තයේ නියැළෙන පිරිසගේ අතමිට සරුවී ඇති බවද අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.

මේ වසරේ අප්‍රේල් මස වන විට සමස්ත තේ වෙන්දේසියේ ආදායම රුපියල් බිලියන 73.13ක් වන අතර තේ කිලෝ මිලියන 86.23ක් වෙන්දේසි වී ඇති බව පවිත්‍ර පීරිස් මහතා පෙන්වා දෙයි.

පසුගිය වසරේ අප්‍රේල් මස වන විට තේ කිලෝවක සාමාන්‍ය වෙන්දේසි මිල රුපියල් 604ක් බවද මේ වසරේ අප්‍රේල් මස වන එහි සාමාන්‍ය වෙන්දේසි මිල රුපියල් 871කි. තේ වෙන්දේසියේදී තේ මිල කරන්නේ නිෂ්පාදකයාට සියයට 68ක් සහ තේ කම්හල් හිමියාට සියයට 32ක ආදායමක් එන පරිද්දේන් බවද ඒ මහතා කියා සිටී. මෙම තත්ත්වයට හේතුව ඉල්ලුමට සාපේක්ෂ සැපයුමක් නොමැතිවීමත් රුපියලේ අගය අවප්‍රමාණය වීම බව අධ්‍යක්ෂවරයා පෙන්වා දෙයි.

More articles

Latest article