33 C
Colombo
අඟහරුවාදා, අප්‍රේල් 30, 2024

අන්තරේ ක්‍රියාකාරි වේරංග පුෂ්පික පොලිස් අත්අඩංගුවට

Must read

රුහුණු විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගමයේ කැඳවුම්කරු පුෂ්පික ද සිල්වා නැමැත්තා අද (28) දින කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කළේ, අදාළ සැකකරු කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මඟින් වැඩිදුර විමර්ශන සිදුකරන බවය.

ඊයේ (27) දහවල් කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට, මැයි 19 වනදා සහ ජූනි 9 වනදා කොටුව ප්‍රදේශයේ දී මෙන්ම ජූනි 10 වන දින ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට අධිකරණ නියෝග කඩ කරමින් උද්ඝෝෂණ පැවැත්වීම, අයුතු ජන රාශියක සාමාජිකයෙකු වීම, පොලිස් නිලධාරීන්ට සාපරාධී බලහත්කාරය පෑම, රජයේ දේපළවලට හානි සිදුකිරීම යන චෝදනා සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශනයන් ට අදාළව සැකකරුව අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුව කොළඹ දකුණ අපරාධ කොට්ඨාසය වෙත රැගෙන ගොස් වැඩිදුර විමර්ශන සඳහා කොටුව පොලීසියට ඉදිරිපත් කර ඇත.

අත්අඩංගුවට පත් සැකකරු අවුරුදු 27ක් වූ ගාලුපාර, දොඩම්දූව ලිපිනයේ පදිංචි ඇන්තනී වේරංග පුෂ්පික ද සිල්වා යන අය බවත්, ඔහුගේ විශ්වවිද්‍යාල ශිෂ්‍යභාවය මේ වනවිට අහෝසිකර ඇති බවත් පොලීසිය පවසයි.

More articles

Latest article