29 C
Colombo
සිකුරාදා, මැයි 17, 2024

බලශක්ති සහයෝගීතාවය සම්බන්ධයෙන් සාකච්ඡාවක්

Must read

ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයේ ආයෝජන සඳහා විශාල විභවයක් පවතින බව ක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති Khaled Nasser AlAmeri මහතා පැවසීය.

ද්විපාර්ශ්වික සහයෝගීතාව සහ නව ආයෝජන පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවූ අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සඳහා ආයෝජනය කිරීමට උනන්දුවක් දක්වන බව එක්සත් අරාබි එමීර් රාජ්‍ය යේ තානාපතිවරයා සඳහන් කළේය.

පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයට අමතරව කෘෂිකර්මාන්තය සහ කාර්මික ක්ෂේත්‍ර වැනි නව ක්ෂේත්‍රවල ආයෝජනය කිරීමට දැන් අවස්ථාව පවතින බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

සංවර්ධන කටයුතු සඳහා ශ්‍රී ලංකාවට ලබා දී ඇති සහයෝගය මෙන්ම වර්තමාන ආර්ථික ගැටලුවලින් ඉක්මනින් යථා තත්ත්වයට පත්වීමට උපකාර කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ස්තූතිය පළකළේය.

More articles

Latest article