32 C
Colombo
සෙනසුරාදා, මැයි 4, 2024

යූරියා නෞකාව අද කොළඹට

Must read

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය විසින් දිස්ත්‍රික්ක 8ක අඩු ආදායම්ලාභී ගොවි පවුල් සඳහා ලබාදුන් යූරියා මෙට්‍රික් ටොන් 9,000ක් සහිත නෞකාව අද (02) පෙරවරුවේ කොළඹ වරායට ළඟා විය.

මේ වන විට එහි පොහොර ගොඩබෑමේ කටයුතු ආරම්භ කර ඇත.

කෘෂිකර්ම අමාත්‍යාංශය පැවසුවේ බණ්ඩි පොහොර මෙට්‍රික් ටොන් 40,000ක් රැගත් නෞකාවක් ද අද රාත්‍රියේ කොළඹ වරායට ළඟාවීමට නියමිත බවය.

එම බණ්ඩි පොහොර තොගය ගොඩබෑමේ කටයුතු හෙට (03) පස්වරුවේ ආරම්භකිරීමට නියමිත බව සඳහන් වේ.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා,

“05 වැනිදා වෙද්දි අදාළ ප්‍රදේශවලට බණ්ඩි පොහොර යවනවා. යූරියා ලැබෙන්නේ රුපියල් 10,000 ට. බණ්ඩි පොහොර රුපියල් 19,500 ක් වගේ වෙනවා. අවශ්‍ය පරිදි බණ්ඩි පොහොර ලැබෙනවා. මඩ පොහොර යල කන්නය ආරම්භයේදී සියළුම ගොවීන්ට ලබා දෙන්න කටයුතු කරනවා. කාබනික පොහොර වෙනුවෙන් හෙක්ටයාරයකට රුපියල් 20,000 ක් ලබා දෙන්න කියපු යෝජනාවට අනුමැතිය ලැබුණා”

More articles

Latest article