27.7 C
Colombo
බදාදා, මැයි 1, 2024

කොරෝනා වසංගතයෙන් පීඩිත ජනතාවට ඉන්ධන මිල වැඩි කොට පහර දීම එජාපය හෙළා දකී

Must read

ඩොලර් 60ට තිබූ තෙල් බැරලය වසර ගණනාවක් තිස්සේ ඩොලර් 26 දක්වා අඩු වී තිබෙන මොහොතක එහි වාසිය නොදී කොරෝනා වසංගතයෙන් පීඩිතව ආර්ථික වශයෙන් කඩා වැටී සිටින ජනතාවට ඉන්ධන මිල වැඩි කොට පහර දීම එක්සත් ජාතික පක්ෂ තරයේම හෙළා දකින බව පක්ෂ සභාපති වජිර අබෙිවර්ධන මහතා පැවසීය.

ජනතාව දරුණු ඛේදවාචකයකට ඇද වැටී සිටින අවස්ථාවක පාර්ලිමේන්තුවට වාහන 229 ක් ගෙන්වීමට රුපියල් බිලියන ගණනක් යෙදවීම හිතක් පපුවක් ඇති පාලකයන්ට කළ නොහැක්කක් බවද අබෙිවර්ධන මහතා කීය.

වීඩියෝ තාක්ෂණය ඔස්සේ මාධ්‍ය ඇමතූ එජාප සභාපතිවරයා තවදුරටත් කීවෙි
2015 ජනවාරි 08 වන දින රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැති කැබිනට් මණ්ඩලයේදී ජනතාවට පෙට්‍රල්, ඩීසල්, භූමිතෙල්, ගෑස් සහ අත්‍යවශ්‍ය ආහාර භාණ්ඩවල මිල පහත හෙලා 2019 දී පාලනය අවසන් වන තුරු ජනතාවට පීඩාවක් නොවන්නට රට පාලනය කළ බවයි.

More articles

Latest article