27.7 C
Colombo
බදාදා, මැයි 1, 2024

සමගි ජන බලවේගයට සහය දැක්වූ එජාප පළාත් පාලන මන්ත්‍රීන් 16 දෙනෙක් එජාපයට

Must read

සමගි ජන බලවේගයට සහය දැක්වූ පළාත් පාලන මන්ත්‍රීවරුන් 16 දෙනෙක් එක්සත් ජාතික පක්ෂයට එක්වූ බව පක්ෂ මහලේකම් පාලිත රංග බණ්ඩාර මහතා පැවසීය.

ගම්පොල නගර සභාව නියෝජනය කරන මන්ත්‍රීවරුන් දහ දෙනෙක් ,මහනුවර මහ නගර සභාව නියෝජනය කරන මන්ත්‍රීවරුන් තිදෙනෙක් සහ උඩ පළාත ප්‍රාදේශීය සභාව නියෝජනය කරන මන්ත්‍රීවරුන් තිදෙනෙක් මෙලෙස එක්සත් ජාතික පක්ෂයට එකතු වූ බව එජාප මහලේකම්වරයා සඳහන් කළේය.

ගම්පොල නගර සභාවේ සමගි ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරුන් සියලුම දෙනා මේ වන විට එක්සත් ජාතික පක්ෂයට එක් එක්ව සිටින බව ද මහලේකම්වරයා පැවසීය.

මෙලෙස එකතු වූ මන්ත්‍රී පිරිස ප්‍රසිද්ධ මාධ්‍ය හමුවක් පවත්වා තම තීරණය පිළිබඳ කරුණු හෙළි කිරීමට නියමිතව ඇතැයිද මහලේකම් රංගේ බණ්ඩාර මහතා කීය .

සමගි ජන බලවේගය නියෝජනය කරන පළාත් පාලන මන්ත්‍රීවරුන් රැසක් ඉදිරියේ දී නැවත එක්සත් ජාතික පක්ෂයට එකතු වීම සඳහා ඉල්ලීම් කර ඇති අතර එම ඉල්ලීම් පිළිබඳව මේ දිනවල සලකා බලමින් සිටින බව ද එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා වැඩිදුරටත් සඳහන් කළේය .

More articles

Latest article