27 C
Colombo
සඳුදා, මැයි 6, 2024

අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 1,500කට අධික පිරිසක් පීඩාවට

Must read

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 3ක පුද්ගලයින් 1,500කට අධික පිරිසක් පීඩාවට පත්ව තිබේ.

ආපදා කළමණාකරන මධ්‍යස්ථානය සඳහන් කළේ, මාතලේ, මහනුවර සහ අම්පාර යන දිස්ත්‍රික්කවල පවුල් 346කට අයත් පුද්ගලයින් 1,511 දෙනෙකු පීඩාවට පත්ව සිටින බවය.

ඊයේ (25) දිනය තුළ ඇතිවු අධික වර්ෂාවත් සමග පුද්ගලයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති අතර තවත් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා තිබේ.

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නිවාස 66කට අර්ධ හානි සිදුව ඇති බව ආපදා කළමණාකරන මධ්‍යස්ථානය සඳහන් කළේය.

මේ අතර පීඩන අවපාතය අඩු පීඩන කලාපයක් දක්වා දුර්වල වී ශ්‍රි ලංකාවේ බටහිර වෙරළ දෙසට ගමන් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම පද්ධතිය දිවයිනෙන් ඉවතට ගමන් කිරීමත් සමග අද සවස් කාලයේ සිට දිවයිනේ කාලගුණයට එමඟින් සිදුවු බලපෑම අඩුවනු ඇති බව එම දෙපාර්තමේන්තුව පෙන්වාදෙයි.

More articles

Latest article