28 C
Colombo
ඉරිදා, මැයි 5, 2024

කොරෝනා වෛරසයේ ප්‍රභවය සොයන්න ලෝක සෞඛ්‍ය සංවිධානයට සහය දෙන්නැයි ඇමරිකාව චීනයට කියයි

Must read

කොරෝනා වෛරසයේ ප්‍රභවය සොයා ලෝක සෞඛ්‍ය සංවිධානය සිදුකරන පරීක්ෂණයේ දෙවන අධියර සදහා අවශ්‍ය සහය ලබාදෙන්නැයි ඇමරිකාව යළිත් චීනය වෙත අවධාරණය කර තිබෙනවා.

ධවල මන්දිරයේ මාධ්‍ය ලේකම් ජෙන් පාස්කි සදහන් කර ඇත්තේ ඇමරිකාව මෙම ඉල්ලීම සිදුකරන්නේ යළිත් ⁣මෙවැනි වසංගත තත්වයක් ඇතිවීම වළක්වා ගැනීම සදහා බවයි.

කොරෝනා වෛරසයේ ප්‍රභවය සොයා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සිදුකෙරන පරීක්ෂණයේ දෙවන අධියර නුදුරැ දිනවලදී ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.

ඒ යටතේ රෝගය මුලින්ම වාර්තා වූ වුහාන් නගරය කේන්ද්‍ර කරගත් දත්ත සහ පළමු වටයේ ආසාදිතයන් පිළිබද දත්ත ලබාදෙන ලෙස චීනය වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර ඇතත් මේ දක්වා එයට සාර්ථක ප්‍රතිචාරයක් ලැබී නැහැ.

අදාළ දත්ත සම්පූර්ණයෙන්ම හුවමාරැ කර ගැනීම පුද්ගලිකත්වයට ගැටලු ඇති කරන බවත් , මෙි වනවිටත් විද්‍යාව මගින් මෙම ගැටලුව විසදා ඇති බවත් චීන විශේෂඥයන්ගේ අදහසයි.

මේ හේතුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය මෙන්ම ඇමරිකානු ඇතුළු රටවල් ගණනාවක් ද මෙම පරීක්ෂණය සදහා සහය දෙන්නැයි නැවත නැවතත් චීනය වෙත ඉල්ලීම් ඉදිරිපත් කරමින් සිටිනවා.

මෙි පිළිබද වැඩිදුරටත් අදහස් දක්වමින් ධවල මන්දිරය මාධ්‍ය ලේකම්වරිය ප්‍රකාශ කර ඇත්තේ චීනයේ හැසිරීම,වගකීම් විරහිත සහ භයානක එකක් බවයි.

කොරෝනා වෛරසය සතුන් හරහා මිනිසාට සම්ප්‍රේෂණය වූ බවට මූලිකව විශ්වාස කෙරැණත් එය විද්‍යාගාරයකින් නිකුත් වූවක් බවට ද අදහසක් පළවී තිබෙනවා.

මෙි හේතුවෙන් මේ පිළිබද තවදුරටත් පරීක්ෂණ පවත්වා එහි ප්‍රභවය සොයා ගත යුතු බවයි ඇතැම් රටවල් සහ විද්‍යාඥයන් දිගින් දිගටම අවධාරණය කරන්නේ.

More articles

Latest article