29 C
Colombo
අඟහරුවාදා, අප්‍රේල් 30, 2024

පාස්කු ප්‍රහාරකයින් ප්‍රතිඥාව ලබාදෙන වීඩියෝව අන්තර්ජාලයට මුදාහැරි පුද්ගලයා අත්අඩංගුවට

Must read

පාස්කු ප්‍රහාරය එල්ල කර පැය ගණනකට පසුව සහරාන් හෂීම් විසින් පුද්ගලයින් පිරිසක් සමඟ යම් ප්‍රතිඥාවක් ලබාදෙන වීඩියෝ ව අන්තර්ජාලයට මුදාහැරි පුද්ගලයා ත්‍රස්තක්‍රියා විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (31) දින ත්‍රස්තක්‍රියා විමර්ශන කොට්ඨාසය විසින් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබු අතර ඉන් එක් අයෙක් විසින් එම වීඩියෝ ව හා ඡායාරූපය අන්තර්ජාලයට මුදාහැර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

එක් සැකකරුවෙක් වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි අයෙක් වන අතර, අනෙක් පුද්ගලයා 32 හැවිරිදි තිහාරියේ පදිංචි අයෙකි.

සහරාන් හෂීම්ගේ අන්තවාදී මතවාදයන් අන්තර්ජාලය හරහා විකාශනය කිරීම සම්බන්ධයෙන් මොවුන් අත්අඩංගුවට පත්ව ඇත.

More articles

Latest article