32 C
Colombo
ඉරිදා, අප්‍රේල් 28, 2024

මේජර් ජනරාල් ප්‍රියංක ප්‍රනාන්දු නිදොස් කොට නිදහස්

Must read

ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක ලෙස සේවයේ නියුතු ව සිටි මේජර් ජෙනරාල් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට විරුද්ධව වෙස්ට්මින්ස්ටර් මහෙස්ත්‍රාත් අධිකරණය මගින් ලබා දී තිබු තීන්දුව ඉවතදමා මේජර් ජෙනරාල් ප්‍රනාන්දු එම චෝදනාවෙන් නිදහස් කීරීමට බ්‍රිතාන්‍ය මහාධිකරණය තීන්දු කර ඇතැයි එරට ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය කියා සිටී.

ඒ අනුව, මහජන සාමය පනත උල්ලංඝනය කිරීමේ වරද වෙනුවෙන් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට පවුම් 2400ක දඩ මුදලක් නියම එම මහෙස්ත්‍රාත් අධිකරණය විසින් 2019 දෙසැම්බර් 06 වනදා ලබා දුන් තීන්දුව ඉවතදමා දැමීමට ද එරට මහාධිකරණය නියම කරනු ලැබ ඇත.

2018 වසරේ පෙබරවාරි 04 වැනිදා බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට එල්.ටී.ටී.ඊ සංවිධානයට සහය දක්වමින් උද්ඝෝෂණයේ නිරත පිරිසකට හස්ත සංඥාකරමින් තර්ජනය කළ බවට කියන සිද්ධියක් සම්බන්ධයෙන් බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට එරෙහිව බ්‍රිතාන්‍යයේ වෙස්ට්මින්ස්ටර් අධිකරණය හමුවේ නඩුවක් ගොනුකර තිබුණි.

2019 දෙසැම්බර් 06 වනදා එහි තීන්දුව ලබාදෙමින් අධිකරණය නියෝග කර ඇත්තේ මහජන සාමය පනත උල්ලංඝනය කිරීමේ වරද වෙනුවෙන් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට පවුම් 2400ක දඩ මුදලක් නියම කරන ලෙසය.

ඊට එරෙහිව ප්‍රියංක ප්‍රනාන්දු මහතා බ්‍රිතාන්‍යයේ මහාධිකරණයට අභියාචනාවක් ඉදිරිපත් කර තිබුණි.

More articles

Latest article