29 C
Colombo
අඟහරුවාදා, අප්‍රේල් 30, 2024

අද මැදින් පෝය දිනයයි

Must read

මැදින් මස පුර පසළොස්වක පෝය දිනය සම්බුද්ධ ශාසන ඉතිහාසයේ අතිශය උදාර දිනයක් ලෙස සැළකේ. ඒ පූර්වයෙහි සියළු බුදුවරයන් වහන්සේලා ඉටුකලා මෙන්, ප්‍රරවේණි වංශ චාරිත‍්‍රය ඉටුකිරීම සඳහා ඥාති සංග්‍රහය පිණිස ගෞතම බුදුරජාණන් වහන්සේ ද ස්වකීය ජන්ම භූමිය වූ කිඹුල්වත් පුරයට වැඩමකිරීම ආරම්භ කළේ මැදින් පුර පසළොස්වක පෝය දිනයේ දී බැවිනි. මෙය සිදුවූයේ මහබිණික්මන් කොට සත් වසරක් ඇවෑමෙනි. බුදු වී වසරක් ගත වූ තැන ය. ශ‍ාසණික වශයෙන් මෙන්ම ලාංකිකයන් වශයෙන් ද මේ මැදින් පෝ දින කරුණු ගණනාවකින් වැදගත් වේ.

✦ බුදුරජාණන් වහන්සේ විසින් තමන් වහන්සේ උපන් කිඹුල්වත් පුරයට වැඩම කිරීම.

✦ බුදුරජාණන් වහන්සේ දස දහසක් සක්වල ඒකාලෝක කරවමින් යමා මහ පෙළහර පා වදාළ සේක.

✦ සුද්ධෝදන මහරජුට වෙස්සන්තර ජාතකය දේශණා කිරීම.

✦ යශෝධරා දේවියට චන්දකින්නර ජාතකය දේශනා කිරීම

✦ රාහුල කුමරු හා නන්ද කුමරු මහණ කිරීම.

✦ මහා ප්‍රජාපතී ගෝතමියගේ සෝවාන් ඵලයට පත්වීම.

More articles

Latest article