28 C
Colombo
සෙනසුරාදා, අප්‍රේල් 27, 2024

යළිත් වැටුප් වැඩිවීම් සහ ප්‍රසාද දීමනා නෑ – විදුලිබල සහ ඛනිජ තෙල් සාමූහික ගිවිසුම්වලින් ඉවත් වෙයි

Must read

විදුලිබල මණ්ඩල සහ ඛනිජ තෙල් සංස්ථා වෘත්තිය සමිති සහ එම ආයතනවල පාලන අධිකාරිය අතර සාමූහික ගිවිසුමෙන් ඉවත්වන ලෙස එම ආයතනවලට දැනුම් දුන් බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.

සාමූහික ගිවිසුම හරහා වසර තුනකට වරක් සියයට 25 කින් වැටුප් වැඩිවීම, වාර්ෂික ප්‍රසාද දීමනා සහ සෙසු දීමනා ගෙවීම් සම්බන්ධයෙන් ප්‍රධාන වශයෙන් තීරණ ගන්නා බව ද අමාත්‍යවරයා කීය.  

අදාල ආයතනවල බලධාරීන්ට ඒ පිළිබඳව දැනුම් දෙන ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ ලේකම්වරයාට දැනුම් දුන් බව ද අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය

More articles

Latest article