29 C
Colombo
සෙනසුරාදා, මැයි 4, 2024

ගබ්සා අයිතිය අහිමිවීමට එරෙහිව අමෙරිකානු කාන්තාවන් ගෙන් විරෝධතා

Must read

අමෙරිකානු කාන්තාවන්ට ගබ්සාවක් සිදුකරගැනීම සඳහා ව්‍යවස්ථාපිත අයිතිය ලබාදුන් වසර 50ක් පැරැණි නඩු තීන්දුවක් වෙනස්කිරීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, නව නීතිය අනුගමනය කරමින් අමෙරිකාවේ ප්‍රාන්තවලින් අඩකම ගබ්සාව නීතියෙන් තහනම් කරනු ඇති බවය.

ඒ අනුව අමෙරිකානු කාන්තාවන්ට මෙතෙක් හිමිව තිබූ ගබ්සා අයිතිය අහිමිවී යනු ඇත.

නව නීතිය යටතේ ගබ්සාව තහනම් කිරීමට කැමති අමෙරිකාවේ ඕනෑම ප්‍රාන්තයක රජයට එම තීන්දුව ගැනීමේ නිදහස් අයිතිය හිමිවීම විශේෂත්වයකි.

ඒ අනුව විදෙස් වාර්තා පවසන්නේ අමෙරිකානු ප්‍රාන්තවලින් අඩක්ම ගබ්සාව තහනම් කරනු ඇති බවය.

දැනටමත් ගබ්සාව තහනම් කිරීමට ප්‍රාන්ත 13ක් කටයුතු කර තිබේ.

ඒ යටතේ අමෙරිකානු කාන්තාවන් මිලියන 36කට බලපෑම් එල්ලවනු ඇතැයි අපේක්ෂිතය.

ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව ඛේදනීය වරදක් බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ද පවසා තිබේ.

ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ, අධිකරණ තීන්දුව හේතුවෙන් කාන්තාවන් වෙත හිමිව තිබූ මානව අයිතියක් අහිමිවූ බවට තමන් විශ්වාස කරන බවය.

මේ අතර අදාළ තීන්දුවට එරෙහිව අමෙරිකාව පුරා විරෝධතා ද ආරම්භ වී තිබේ.

More articles

Latest article