30 C
Colombo
සිකුරාදා, අප්‍රේල් 26, 2024

රජය කාබනික කෘෂිකර්ම ප්‍රතිපත්තිය ඉදිරියටත් පවත්වාගෙන යනවා – අමාත්‍ය මහින්ද අමරවීර

Must read

කාබනික කෘෂිකර්ම ප්‍රතිපත්තියෙන් රජය කිසිවිටෙක ඉවත් නොවන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

ඒ අනුව ලබන මහ කන්නයේ වගා කරන කුඹුරුවලින් සියයට 30ක් කාබනික වගාවට යොදාගැනීම සඳහා මේ වන විටත් නිර්දේශ කර ඇති බව අමාත්‍යවරයා පෙන්වාදෙයි.

ප්‍රමිතියෙන් යුතු කාබනික පොහොර ගොවි ජනතාවට ලබාදීමට පියවර ගන්නා අතර ප්‍රමිතිය පරීක්ෂා කිරීමකින් තොරව කිසිදු කාබනික පොහොර වර්ගයක් සඳහා අනුමැතිය ලබානොදීමට තීරණය කර ඇති බව මහින්ද අමරවීර අමාත්‍යවරයා සඳහන් කළේය.

කාබනික වගාව රටට අත්‍යවශ්‍ය බව පෙන්වාදෙන කෘෂිකර්ම අමාත්‍යවරයා ලබන මහ කන්නයේ කාබනික වගාවේ යෙදෙන ගොවීන් සඳහා පොහොර මිලදී ගැනීමට පියවර ගන්නා බව වැඩිදුරටත් පැවසීය.

More articles

Latest article