30 C
Colombo
සිකුරාදා, මැයි 17, 2024

මන්ත්‍රී අමරකීර්තිව ඝාතනය කරන අවස්ථාවේ පැළඳ සිටි රන් මුදු ගලවා ගත් සැකකරුවන් අත්අඩංගුවට

Must read

නිට්ටඹුව ප්‍රදේශයේදී ඝාතනයට ලක්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාල මහතා පැළඳ සිටි රන් මුදු තුනක් කොල්ලකෑ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

එක් සැකකරුවෙක් ඊයේ (09) අලුයම ගම්පහ නිට්ටඹුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

අනෙක් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ නිට්ටඹුව රන්පොකුණගම ප්‍රදේශයේදීය.

සැකකරුවන් 38 සහ 30 යන වයස්වල පසුවන්නන් බව පොලීසිය පවසයි.

පොලීසිය සඳහන් කළේ සැකකරුවන් දෙදෙනා අද අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 22 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළ බවය.

More articles

Latest article