28.4 C
Colombo
බ්‍රහස්පතින්දා, මැයි 2, 2024

රටවල් කිහිපයක රාජ්‍ය නායකයින්ගෙන් ජනපතිට සුබපැතුම්

Must read

සීෂෙල්ස්, ඩෙන්මාර්ක්, සිම්බාබ්වේ, සර්බියාව සහ ඉතියෝපියාවේ රාජ්‍ය නායකයින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සුබපැතුම් පිරිනමා තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් සීෂෙල්ස් ජනාධිපති වේවල් රාම්කලවන් මහතා (WavelRamkalawan) සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාව වත්මන් ජනාධිපතිවරයාගේ නායකත්වය යටතේ සියලු අභියෝග ජයගෙන ආර්ථික ස්ථාවරත්වය සහ සංවර්ධනය උදා කරගනු ඇති බවය.

ඩෙන්මාර්ක් අග්‍රාමාත්‍ය මෙට් ෆෙඩ්රික්සන් මහතා (Mette Frederiksen) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සුබපැතුම් පළ කරමින්, දෙරට අතර සහයෝගීතාව අඛණ්ඩව පවත්වාගෙන යාමට බලාපොරොත්තු වන බව සඳහන් කර තිබේ.

වික්‍රමසිංහ මහතා ජනාධිපති ධූරයට පත්වීම එතුමාගේ නායකත්ව කුසලතා පිළිබඳ විශ්වාසයට සාක්ෂියක් බවත්, දෙරට අතර ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික සබඳතා කෙරෙහි ඉතා සමීපව කටයුතු කිරීමට තමන් බලාපොරොත්තු වන බවත් ජනාධිපතිවරයා වෙත සුබපැතුම් එක් කළ සිම්බාබ්වේ ජනාධිපති එමර්සන් ඩම්බුඩ්සෝ මනන්ගග්වා (Emmerson Dambudzo Mnangagwa) මහතා ප්‍රකාශ කර ඇත.

සර්බියාවේ ජනාධිපති ඇලෙක්සැන්ඩර් වූසික් මහතා (Aleksandar Vucic) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සුබපැතුම් එක්කරමින් සඳහන් කර ඇත්තේ දෙරටේ සාම්ප්‍රදායික හා ද්විපාර්ශ්වික සබඳතා අඛණ්ඩව වර්ධනය වන බව තම විශ්වාසය බවත් ඒ සඳහා තම පුද්ගලික දායකත්වය ලබාදෙන බවත්ය.

ඉතියෝපියාවේ ජනාධිපති සහලේ වර්ක් සව්ඩේ මහතා (Sahle Work Zewde) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් දෙරට අතර මිත්‍ර සබඳතා තවදුරටත් ශක්තිමත් වනු ඇති බවට විශ්වාසය පළ කර තිබේ.

More articles

Latest article