25 C
Colombo
ඉරිදා, මැයි 19, 2024

සර්ව පාක්ෂික ආණ්ඩුව සිහිනයක් විතරයි – අනුර දිසානායක

Must read

ආණ්ඩුවේ අරමුණ දෙස බැලීමේදී සර්වපාක්ෂික ආණ්ඩුව සිහිනයක් පමණක් බවත් සර්ව පාක්ෂික ආණ්ඩුවක් වෙනුවෙන් සාධනීය යෝජනා ඉදිරිපත් කරන්නේ නම් ඊට ප්‍රතිචාර දැක්වීමට සූදානම් බවත් ජාතික ජන බලවේගය පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී (12) පැවසීය.

මේ අයගේ උත්සාහය සෙසු දේශපාලන පක්ෂ සර්ව පාක්ෂික ආණ්ඩුවක කොටස්කාරයන් කර ගැනීමට පමණක් බවද හෙතෙම සඳහන් කළේය.

හදිසි නීතිය යටතේ මර්දන නීති ගෙන ඒමට ජනාධිපතිවරයා කටයුතු කර ඇතැයි චෝදනා කළ දිසානායක මහතා ජනාධිපතිවරයා මර්දන නීති ගෙන එන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරමින් යැයිද ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරයාගේ පුටුවක වාඩි ගත් අය ත්‍රස්තවාදීන් දැයි මෙහිදී ප්‍රශ්න කළ මන්ත්‍රීවරයා ජනාධිපතිවරයා පත්කළ බලවේග සතුටු කිරීම සඳහා ඔහු අද කටයුතු කරමින් සිටින බවද සඳහන් කළේය.

ජනාධිපතිවරයා ඒ කදවුර සතුටු කිරීමට අරගලකරුවන්ට රිදවන බවද ඔහු සඳහන් කළේය.

අද පාලන බලය හොබවන්නේ රටේ ජන මතයක් නැති පිරිසක් බව පැවසූ අනුර දිසානායක මහතා රටට අලුත් ජනමතයක් අවශ්‍ය වන බවද සඳහන් කළේය.

More articles

Latest article